“වර්ල්ඩ් කප් එකේදී වනිඳු පිතිකරුවන්ට හිසරදයක් වනු ඇති” – මුරලි

ලබන ඔක්තෝබර් 16 සිට ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග ප්‍රතිවාදී කණ්ඩායම් වළ පිතිකරුවන්ට හිසරදයක් වනු ඇති බව මුත්තයියා මුරලිදරන් පවසයි.

ඉන්දියාවේ පැවත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින අතරතුර ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මේ බව සඳහන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත්විය හැකි බවද මුරලිදරන් එහිදී සඳහන් කළේය.

එහිදී මුරලිදරන් පැවසුවේ,

“ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගන වළ දී වැඩි වශයෙන් ලබාගත හැකි පන්දුවේ ඉලිප්පීම නිසා පිටදඟපන්දු යවන්නට වඩා, පාදඟපන්දු යවන්නන්ට වැඩි වාසි අත් වේවි. ඒ නිසා මම හිතන්නේ හසරංගගේ පන්දුවලට මුහුණ දීම පිතිකරුවන්ට තරමක් අපහසුවෙන් කරන්න සිදු වේව්, පිතිකරුවන් ඔහුගෙන් ආරක්ෂාවීමට වගබලා ගත යුතු බවද හැබැයි ඔහුගේ පන්දුවලටත් හොඳින් මුහුණ දෙන පිතිකරුවන් නැතුවාම නෙවෙයි.” යැයි ද මුත්තයියා මුරලිදරන් පවසා ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.