ඇමති මණ්ඩල පිරවුවද මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?

Read Time:1 Minute, 31 Second

වත්මන් ආණ්ඩුව ඇමති, රාජ්‍ය ඇමති තනතුරු බෙදාගැනීමට මුලිකත්වය දුන්නද, මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී තිබෙන බව වාර්තා වේ.
ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කර ඇත්තේ, මුදල් නොමැතිවීම නිසා එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

බොහෝ ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ.

අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, නිවාස ආදී අමාත්‍යාංශවල, කොන්ත්‍රාත් කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම් ද අර්බුදයකට ලක්ව ඇති අතර
මේ අතර ,රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලාංකික සිසුන් 7 ක් මාස පහක සිට යුක්‍රේන යුද කලාපයක සිරවෙලා
Next post ඇමතිකම් ගත් ශ්‍රීලනිප පිරිසගේ තනතුරු ඉවතට?