T 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර දසුන් ශානකගේ නායකත්වයෙන් සංචිතය සමන්විත වෙයි.

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා මෙම සංචිතයට වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, දිල්ෂාන් මදුෂංක සහ ප්‍රමෝද් මදුෂාන් ද ශ්‍රී ලංකා සංචිතයට නම්කර තිබේ.

අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු සහ නවිඳු ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට නම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 2 දා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. ඇති.

T 20 ලෝක කුසලාන තරඟාවලිය 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.