සෙලෙන්ස්කි, මුදවාගත් කාකිව් හි සංචාරයක – අනතුරකින් තුවාල ලබයි

පසු ගිය දින දෙක තුන ඇතුලත යුක්‍රේන හමුදා විසින් කාකිව් හි ඊසාන දිග ප්‍රදේශයේ රුසියානු හමුදා විසින් ආක්‍රමණය කර තිබුන විශාල ප්‍රදේශයක් යලි අත් පත් කරගෙන තම බලය ස්ථාපිත කරගෙන ඇත.

වර්ග කිලෝ මීටර් 8000 ක බිම් ප්‍රමාණයක් මෙසේ අත් පත් කර ගැනීම යුකෙර්ණ යුද්ධයේ දී රුසියානු ආක්‍රමණ හමුදාවන් ගේ පරාජයේ ආරම්භය සනිටුහන් කරණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දින ගණනකින් හෝ සති ගණනකින් හමාර කිරීමට රුසියාව අරමුණු කර ගත් යුද්ධය දික් ගැස්සීම රුසියාවේ අවාසිය ට හැරෙන බව මුල සිටම තේරුම් ගිය කරුණක් විය.එවැනි දික් ගස්සිමක් යුක්රේනයේ වාසියට හැරෙමින් පවතී. අල්ලා ගත් ප්‍රදේශයේ ඇති ඉසියුම් නගරය අතිශයින්ම වැදගත් කමක් දරයි. මේ නගරය ට ඊයේ (14) යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි හදිසි සංචාරයක්ද කර ඇත.

යුක්රේන ජනතාවට තම අභිමතය පරිදි ප්‍රජාතන්ත්‍රීය පාලනයක් පිහිටුවීම පිණිස රුසියානු ආක්‍රමණය පලවා හැරීම මුලික කොන්දේසියක් වෙයි.

ඊයේ (14) කාකිව් දී සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍යය අද වාර්තා කළේය.

එම අනතුර සම්බන්ධයෙන් ව්ලැදිමීර් සෙලෙන්ස්කිගේ මාධ්‍ය ලේකම්වරයා උපුටා දක්වමින් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ සහ ඔහුගේ පරිවාරක රථවල වෙනත් මෝටර් රථයක් ගැටී ඇති බවයි.

අනතුරින් ව්ලැදිමීර් සෙලෙන්ස්කිට සුළු තුවාල පමණක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මුල් තොරතුරු – දයාපාල තිරාණගම

සබැඳි

Leave a Reply

Your email address will not be published.