
“අපි ජාතියෙන් සමාව ගන්න ඕනේ. අපිට වැරදුනා”
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අද (14) සිරස රුපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් මේ අදහස් පළකළේය.
“අපි ගෝඨාභය ගේන්න කලින් එයා මේ වගේ කියල දැක්කෙ නෑ . අපිට කලින් වාසුදේව, කුමාර වෙල්ගම වගේ අය ගෝඨාභය ගැන දැනගෙන තමයි කිව්වේ එයාව ජනාධිපතිවරණයට දාන්න එපා කියල. ඒක ඇහුවේ නෑ. මමත් මොන මහාචාර්ය උනත්, මොන වෘත්තීය කලත් මම ඒක කලින් දැක්කේ නෑ. හැබැයි අපි ගෝඨාභය පත්වෙලා මාස දහයක් යනකොට තේරුම් ගත්ත සහ අපි අභ්‍යන්තර විවේචනයන් කළා ඒ ගැන. නමුත් අපි එලියට බැහැල ඒකට විරෝධය කළේ නෑ.
මම නම් කියන්නේ මේ වෙලාවේ ජනතාවගේ මතයට ඉඩදිය යුතුයි තමන්ට කැමති පාලනයක් තෝරාගන්න.
වැරැද්ද රනිල්ගේ නෙමෙයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමයි රනිල් වික්‍රමසිංහගේ දෙපතුල ලඟට ගිහින් පාලනය භාරදුන්නේ. රනිල් අවංකව කිව්වා මගේ ප්රතිපත්තිවළ වෙනසක් වෙන්නේ නෑ කියල.
අපි ජාතියෙන් සමාව ගන්න ඕනේ. අපිට වැරදුනා.අපි හිතුවේ නෑ ගෝඨාභය රාජපක්ෂ රට දාල යන තැනට පත්වෙයි කියල.
පොහොට්ටුවට දැන් ජනවරමක් නෑ. ඒක තේරුම් ගත යුතුයි.”
Average Rating