ශ්‍රී ලංකා ප්‍රවීණයන් කඩුලු 7ක ජයක් – ජයසුරියගෙන් සුපුරුදු දස්කම්

Read Time:1 Minute, 15 Second

ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළ ව ඉන්දියාවේ ඛාන්පූර්හි ඊයේ (13) පැවති තරගයෙන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම පරදවා කඩුළු 7ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවාර 19ක දී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 78ක් පමණ යි. මෙහිදී සනත් ජයසුරියගේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ලකුණූ 78 කට සිමා වීමට සිදුවිය. සනත් ජයසුරිය පන්දු ඕවර 4 කදී ලකුණු 4 කට කඩුලු 4 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දු වාර 14යි පන්දු 3ක් තුල කඩුලු තුනක් පමණක් දැවී ජයගත්තේ ප්‍රවීනයන්ගේ පැරණි දස්කම් යලි සිහිපත් කරමිනි. මීට පෙර ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයද පහසුවෙන් ම ජය ගැනීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post මහින්ද, රනිල්, චන්ද්‍රිකා සන්ධානයක් !
Next post අයථා ලෙස මුදල් ඉපයීම: නාමල් ට එරෙහි නඩුවේ විභාගයට දින දෙයි