ඇන්ඩෘ කුමරුට පහරදී ඇත්තේ මෙල්බර්න් තරුණයෙක්ද…?

අඟහරුවාදා අලුයම රැජිනගේ මිනී පෙට්ටිය පිටුපසින් ගමන් කරමින් සිටියදී ඇන්ඩෘ කුමරුට පහර දුන් 22 හැවිදිරි තරුණයා සැරසී සිටියේ මෙල්බර්න් FC ජර්සියකින් බවත් පසුව එම පුද්ගලයාව එඩින්බරෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තාවේ.

ඇන්ඩෘ කුමරුගේ කීර්ති නාමයට සහ පුද්ගල ස්ථාවරයට පසුගිය වසරවලදී දැඩි හානියක් සිදුව ඇති බව මෙයවනවිට රහසක් නොවන්නේය. එයට හේතු සාධක වූයේ විවිධවූත් ලිංගික අපචාර මෙන්ම ජෙෆ්රි එප්ස්ටයින් සමඟ ඇති කරගත් අයතා සම්බන්ධතාවයයි. මෙය අතර ඔස්ට්‍රේලියාවේ වර්ජිනියා රොබට්ස් ගියුෆ්රේ සමඟද සිවිල් ලිංගික අපයෝජන හිමිකම් පෑමක් සමථයකට පත් කිරීම සඳහා ඇන්ඩෲ කුමරු විසින් පවුම් මිලියන 12ක් (ඩොලර් මිලියන 21ක්) ගෙවා ඇති බවද මාධ්‍යය වාර්ථා හුවා දක්වයි.

යෝර්ක් ආදිපාදවරයා තම සහෝදරයන් වන චාල්ස් රජු, එඩ්වඩ් කුමරු සහ සහෝදරියවූ ඈන් කුමරිය සමඟ ශාන්ත ගයිල්ස් ආසන දෙව්මැදුරට යන මාර්ගයේදී සිය මවගේ මෘත දේහය පිටුපසින් ඔවුහූ ගමන් කරන විට එහිදී මෙම 22 හැවිරිදි තරුණයා “ඇන්ඩෘ, ඔබ අසනීප මහලු මිනිසෙක්” යැයි කෑගසමින් සිට ඇතැයිද එහි සිටි සිද්ධිය දුටුවන් මාධ්‍යයට පැවසූහ.

මෙම පහරදීමත් සමගම රැස්ව සිටි ප්‍රේක්ෂකයින් විසින් මෙම තරුණයාව පොරබැදීමෙන් බිමදමා ගත් අතර පසුව පොලිස් නිලධාරියෙකු විසින් එම ස්ථානයෙන් ඔහුව රැගෙන ගොස් ඇත. සාමය කඩ කිරීම සම්බන්ධයෙන් මෙම 22 හැවිරිදි තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බව පසුව පොලිසිය තහවුරු කළේය.

පරිවර්තනය: Ashoka Peiris – (CSNA)

ඡායාරූප: අන්තර් ජාලයෙන්

සබැඳි

Leave a Reply

Your email address will not be published.