සෝමාලියාව: හදිසි තත්ත්වයක්

Read Time:2 Minute, 16 Second

මේ වන විට දිගින් දිගටම වර්ධනය වන පළඟැටියන්ගේ අධික ව්‍යාප්තිය නිසා සෝමාලියා රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. වසර 25කට පසුව උද්ගත වී ඇති මෙම තත්ත්වය නිසා, එරට කෘෂි අස්වැන්න සහ භෝග සුරක්ෂිතතාවට දැඩි අනතුරුදායක තත්ත්වයක් උදා වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඔවුන් පෙන්වා දෙන ආකාරයට ඉතියෝපියාවටත් මෙහි බලපෑම ඇතිව තිබේ.

අප්‍රේල් මස වන විට සෝමාලියාවේ අස්වනු නෙළන කාලසීමාව බැවින්, ඊට පෙර මෙම තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට එරට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදමින් ඇති බව ද වාර්තා වේ. නැඟෙනහිර අප්‍රිකාවේ පළඟැටි උවදුර නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ පළමු රට සෝමාලියාවයි. එරට අස්ථාවර ආරක්ෂක තත්ත්වය නිසාවෙන් මෙම උවදුර මැඬපැවැත්වීමට ගුවනින් කෘමිනාශක ඉසීම සිදු කළ නොහැකි බව එරට බලධාරීහු පෙන්වා දෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ජනවාරි මාසයේ සිට ම මේ පිළිබඳව අනතුරු අඟවා තිබිණ.

2019 වසර අගභාගයේ ඇති වූ අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් යේමනයේ සිට එරිත්‍රියාව, ජිබුට්, රතු මුහුද හරහා නැඟෙනහිර අප්‍රිකාව දක්වා මෙම පළඟැටි විශේෂය සංක්‍රමණය වී ඇත. මෙම තත්ත්වය එරට ගුවන් යානා හැසිරවීමට ද බාධාවක් වී තිබේ. නැඟෙනහිර අප්‍රිකාවේ මිලියන 19ක ජනතාවක් දැඩි සාගින්නෙන් පෙළෙමින් සිටින නිසා මෙම තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටියි●සහන් හේවාගමගේ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ‘නේත්‍රා’ කලාපීය තරගාවලිය
Next post උතුරු හා දකුණු ඉන්දියානු රස සමඟින් ‘ද්වාරකා’ ගල්කිස්‍සේ දී විවෘත වේ