ගහනව කියල දැනගෙන හිටියා.ඒත් මෙහෙම ගහයි කියල හිතුවෙ නෑ.

Read Time:9 Minute, 3 Second

බින් ලාඩන් ඇමෙරිකාවෙ හදවතට ගහල අදට(11) අවුරුදු 21යි.

සමහරු කියනවා 9/11 ප්‍රහාරය CIA වැඩක් කියල. හැබැයි ඒක Conspiracy theory එකක්. සාමාන්‍යයෙන් තරුණ පරම්පරාව හරි කැමතියි Conspiracy theories වලට. ඒක වෙනම ආතල් එකක්. ඇමෙරිකාව සඳට ගියපු ඇපලෝ මෙහෙයුම බොරුවක්ය ඒක නෙවාඩා කාන්තාරේ රූගත කරපු මගෝඩියක්ය කියල කියනවා. ඒ වගේම ඇඩොල්ෆ් හිට්ලර් වෙස්වලාගෙන පැනල ගියා කියලත් කියනවා. එහෙම විකල්ප මතවාද වෙනුවෙන් ඩොලර් බිලියන ගණන් වියදම් කරල චිත්‍රපටිත් හැදෙනවා.
කාලිඩ් ෂෙයික් මොහමඩ්ගේ 9/11 ප්‍රහාරයට අවුරුදු 20ක් පිරෙන මොහොතේ ඒ ගැන ලියපු මගේ ලිපියකට අපේ මිතුරනුත් කියල තිබුණා ඒක CIA වැඩක් කියලා. සමහරු අහයි බින් ලාඩන් ගැන නොකියා කාලිඩ් ගැන කිව්වේ මොකද කියලා. ඇත්තටම මිනිහා තමයි මේ කුප්‍රකඨ කුමන්ත්‍රණයේ මහා මොළකරු හෙවත් Master Minder. කුවේට් රටේ ඉපදුනාට එයාගෙ ජාතිකත්වය පාකිස්තාන්. උන්දෑ තමයි මේ බිහිසුණු සැලැස්ම හදලා බින් ලාඩන්ට දුන්නේ. බින් ලාඩන් මුලින් මේකට අකමැති වුණා කියලත් කියනවා. මේ වගේ ජාත්‍යන්තර ගේමක් දෙන්න සාමාන්‍ය ත්‍රස්තවාදියෙකුට බැහැ. පයිලට්ලා පුරුදු කරන්න වගේ වැඩ වලට ලොකු වියදමක් යනවා. අවශ්‍ය වියදම හොයා ගන්න වෙනවා. මේක අල්කයිඩා ජාලය මත පැටෙව්වත් සල්ලි තිබ්බානම් කාලිඩ් මේක තනිවම හරි කරනවා.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ කැසිල්ලට නෙවෙයි. කාලිඩ් හා බින් ලාඩන් මේ සියල්ල සැලසුම් කළේ ඇෆ්ගනිස්තානයේ ඉඳන්. ඒ කාලෙ ඇෆ්ගනිස්තානය පාලනය කළේ තලේබාන්ලා. ඇත්තටම කාලිඩ්ට දෙවියන් වෙනුවෙන් ලේ හොල්ලන්න පුදුම උනනදුවක් තිබුණේ. චෙට්නියාව, සිරියාව වගේ ඉස්ලාම් ත්‍රස්ත කල්ලි ඉන්න හැම තැනකටම රිංගන්න බලපු කාලිඩ අන්තිමට ජාඩියට මූඩිය වගේ සෙට් උනේ බින් ලාඩන්ට.

කාලිඩ් එන්නේ මොකාටදැයි හොඳ ඉවකින් හිටපු FBI නියෝජිතයෙක් මිනිහගෙ පස්සෙ දිගටම follow කළා. එයාගෙ නම ප්‍රෑන්ක් පෙලෙග්‍රිනෝ.

1993 දිත් නිව්යෝක් WTC එකේ බෝම්බයක් පිපිරුණා. ඒක අටවන්න ආපු ත්‍රස්තවාදියෙකුට කාලිඩ් සල්ලි transfer කරල තිබුණා. එකෙන් තමයි FBI නිලධාරියාට උන්නැහේ ගැන සැක හිතුනේ. ඊට පස්සෙ පෙලෙග්‍රිනෝ මහත්තයා කාලිඩ් ගැන සෝදිසියෙන් හිටියා. 1995 දි පැසිෆික් සාගරයට උඩින් පියාසර කරන ගුවන්‍ යානා කිහිපයක් එකම වෙලාවක පුපුරවන්නත් කාලිඩ්ගෙ සැලස්මක් තිබුණා.

කොහොම හරි 9/11 සිද්ධියට ටික කාලෙකට කළින් කාලිඩ්ව කොටුකර ගන්න පෙලෙග්‍රිනෝට චාන්ස් එකක් ආවා. මොසාඩ් එකෙන් ආජන්ටිනාවේ හිටපු අයික්මාන් අල්ලන් ආවා වගේ කටාර් රටේ හිටපු කාලිඩ්ව උස්සන්න පෙලෙග්‍රිනෝගේ team එකක් එහෙට ගියා. ඒත් ඒකට කටාර්හි ඇමෙරිකානු තානාපතිතුමා විරුද්ධ වුණා. ඒ Diplomatic relationship එකට බාධා වෙයි කියලයි. “බම්මුවේ ඩිප්ලොමැටික් රිලේෂන්ස් තියාගන්න ගිහින් අපි ඔක්කොම ළඟදිම හොඳ පරිප්පුවක් කනවා” කියලා පෙලෙග්‍රිනෝ ආපහු ආවා.

9/11 ප්‍රහාරයෙන් පස්සේ CIA එකේ පළමු ඉලක්කය වුණේ බින් ලාඩන් නෙවෙයි. ඒ කාලිඩ් ශෙයික් මොහමඩ්. 2003දී CIA එකයි පාකිස්තාන් ISI එකයි එකතුවෙලා කරපු මෙහෙයුමකින් කාලිඩ්ව අල්ලාගන්නවා. ඇමෙරිකාව බින් ලාඩන් මැරුවට කාලිඩ්ව මැරුවෙ නෑ. හැබැයි නොමරා මැරුවා. CIA එක ගුවන්තනාමෝ වගේ ඔවුන්ගේ රහසිගත කඳවුරු වල තියා ගෙන කාලිඩ්ව ප්‍රශ්ණ කළා. සමහර විට ලෝකයේ දීර්ඝම කාලයක් දරුණු වදබන්ධනයට ලක්වූ සිරකරුවා කාලිඩ් වෙන්න ඇති. ඔහුට දුන්න වදබන්ධන ගැන ඇමෙරිකාවේම මානව හිමිකම් සංවිධාන පවා දැඩිව විවේචනය කරනවා. දැන් රතුකුරුස සංවිධානයත් මේ ප්‍රශ්නෙට අතදාලා තියෙනවා. හැබැයි තවමත් කාලිඩ්ගේ නඩුව ඉවර වෙලා නැහැ.

9/11 පරීක්ෂණ වලින් හෙළිවෙච්චි ප්‍රධානම කරුණක් තමයි මේ ප්‍රහාරයට සූදානම් වන අයගේ තොරතුරු තිබුණේ වෙන වෙනම බව. උදාහරණයක් විදියට CIA එකෙන් සොයා ගත්ත තොරතුරු FBI එකට හුවමාරු කරල තිබුණෙ නෑ. ඇමෙරිකාවෙ තියෙනවා ඒ වගේ විමර්ශන අංශ තවත් 12ක්. ඒ ඔක්කොම වැඩ කළේ වෙන වෙනම.ඒ වගේම ආගමන විගමන කටයුතු ගැන කැනඩාවයි ඇමෙරිකාවයි අතරෙත් බුද්ධි තොරතුරු හුවමාරු වුණේ නැහැ. ප්‍රහාරයට මාස කීපයකට කළින් නිව්ජර්සි නගරයට ආපු ත්‍රස්තවාදීන් දෙදෙනෙක් තාවකාලිකව තැපැල් පෙට්ටියක් වෙන් කරන් තිබුණා. සමහරු ගුවන් යානා පුහුණු පාසල් වලින් පුහුණු වෙමින් හිටියා.මේ ගැන තොරතුරු වාර්තා වුණත් ඒවා ඒකාබද්ධ වෙලා තිබුණෙ නෑ.
ඊ ළඟ කාරණය තමයි ගුවන් යානා hijack කළත් කවුරුත් හිතුවේ ඒවා කොහෙට හරි ගොඩබස්සලා මඟීන් ප්‍රාණඇපයට අරන් ඉල්ලීම් කරයි කියලා. මඟීන් මිනිස් බෝම්ම විදියට පාවිච්චි කරයි කියල කවුරුත් හිතුවෙ නෑ. එහෙම පූර්ව අත්දැකීමක් ලෝකයටම තිබුණෙ නෑ.

මේ ප්‍රහාරයට කළින් දවසේ ඇෆ්ගනිස්තානයේ සිට සෞදි අරාබියට හුවමාරු වූ පණිවුඩ 2ක් ගැනත් Conspiracy theorist කණ්ඩායම් සැක පහල කරනවා. එකක් තමයි “Match begins tomorrow” අනික “Tomorrow is zero hour” (මේ zero hour කියන වචනය සාමාන්‍යයෙන් භාවිතාවෙන්නේ මිලිටරි සැලසුමක් ක්‍රියාත්මක කරන වේලාවට) ඇමෙරිකානු ආරක්ෂක ඒජන්සිය හෙවත් NSA මේ පනිවිඩ අනාවරණය කරගත්තත් ඒවා FBI හෝ CIA සමඟ හුවමාරු කරගෙන නැති බව පසුව වාර්තාවුණා.
ඇමෙරිකානු බුද්ධි අංශවල මේ වගේ අතපසුවීමි නිසා මේ ප්‍රහාරය CIA ගිණුමට නිකම්ම බැරවුණා. නමුත් CIA සංවිධානය ජාතික ආරක්ෂාව විදියට දකින්නේ තමන්ගෙ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව. ඔවුන් දේශපාලනඥයන්ගේ බල පෙරළි ගැන කරදර වෙන්නෙ නෑ. ඇමෙරිකානු පුරවැසියන් 3000ක් මරාගෙන එහෙම කුමන්ත්‍රණ කරන්නේ කවුරු වෙනුවෙන්ද? හැබැයි ඔවුන් ඒවා පාඩමක් කරගෙන නැවත වේගයෙන් නැගී සිටියා. ඔවුන් අපෙන් වෙනස් වෙන්නේ වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්නා නිසයි.

මේ මහා ඛේදවාචකය වෙච්ච තැන දැන් ලස්සන උද්‍යානයක් හදල තියෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය පවතිනා තුරු එතැන වෙනත් කිසිම ඉදිකිරීමක් කරන්නෙ නැහැ. ඒකට කියන්නෙ Ground Zero කියල. කුළුණු දෙක තිබුණු පාදම දැන් ගැඹුරු ආගාදයක්.ඒකට වතුර ගලා යන විදියට මහා දැවැන්ත ජලාශ දෙකක් ඒ තැන් වල හදල තියෙනවා. ඒ වටෙි කිරිගරුඩ තාප්පයක එදා මියගිය සියළු දෙනාගේ නම් කොටල තියෙනවා. හැමදාම වගේ ඒ වෙන්වෙලා ගිය මිනිස්සුන්ගෙ නම් ඉස්සරහින් මල්පොකුරු තියන නෑදෑ හිතවතුන් දකින්න ලැබෙනවා. නිව්යෝක් මහා නගරය මැද්දේ තියෙන ඒ නිස්කලංක උද්‍යානයට ගියාම ගුප්ත හුදකලාවක් දැනෙනවා. මටත් ඒ හැඟීම දැණුනා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ගුප්තයි. ගැඹුරු පාදමට වතුර ගලාගෙන යන ශබ්දය ඇහෙන්නෙ අර මැරුණු අසරණ මිනිස්සු ඉකිබිඳිනවා වගේ.

ශානක ලියනගම (fb)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය හයවෙනි වරට ජය ගනියි
Next post සීගිරියේ පදිංචිකරුවන් විරෝධතාවක