‘ස්වර්ණ පුස්තක’ 2022 හොඳම නවකතාව ‘ප්‍රේමානිසංශ’

2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශ වූ නව කතා පහ අතරින් වසරේ හොඳම නවකතාව ලෙස චන්ද්‍රරත්න බණ්ඩාරගේ ‘ප්‍රේමානිසංශ’ (සරසවි ප්‍රකාශන) සම්මානයට පාත්‍රවී තිබේ. ඒ මේ මොහොතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අභිමානවත් ලෙස පැවැත්වෙන ස්වර්ණ පුස්තක සම්මාන 2022 උළෙලේ දීය.

ලාංකේය සාහිත්‍යකරණ කලාව සුපෝෂණය කිරීමට ඇපකැප වූ විශිෂ්ටයින් සම්මානයට පාත්‍ර කෙරෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබයි.

2022 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටය සදහා නිර්දේශ වූ නව කතා.

‘නකුල මුනි’ – එරික් ඉලයප්ආරච්චි – ගොඩගේ ප්‍රකාශන.
‘හින්දොස්මාලේ’ – සේපාලී මායාදුන්නේ – මියුසස් ප්‍රකාශන.
‘මගේ චිකාගෝ හදවත’ – ශමෙල් ජයකොඩි – සරසවි ප්‍රකාශන.
‘සන්ධ්‍යානන්දය’ – කීර්ති වැලිසරගේ – සරසවි ප්‍රකාශන.
‘ප්‍රේමානිසංශ’ – චන්ද්‍රරත්න බණ්ඩාර – සරසවි ප්‍රකාශන.

2022 වර්ෂයේ ස්වර්ණ පුස්තක සම්මාන දීර්ඝ වටය සඳහා තේරී පත් වූ නවකතා 12 මෙසේය, ශමෙල් ජයකොඩිගේ – මගේ චිකාගෝ හදවත, දීප්ති මංගලා රාජපක්ෂගේ – කලල් දිය, කීිර්ති වැලිසරගේ – සන්ධ්‍යා නන්දය, සේපාලි මායාදුන්නේගේ – හින් දොස් මාලේ, චුලභය ශාන්ත කුමාර හේරත්ගේ – චක‍්‍රවර්ති, මොහාන් රාජ් මඩවලගේ – නිල් කට්රොල්, සුරත් ද මල්ගේ – සී+, මනෝහාරි ජයලත්ගේ – සංසක්කාරි, සුනේත‍්‍රා රාජකරුණානායකගේ – කැන්ඩි මහල්, එරික් ඉලයප්ආරච්ච්ගේ – නකුල මුනි, මංජුල සේනාරත්නගේ – දෙවැනි ගැහැනිය සහ චන්ද්‍රරත්න බණ්ඩාරගේ – ප්‍රේමානිශංය මෙවර තේරී පත්වු ග‍්‍රන්ථ වේ.

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.