මාධ්‍යවේදී සිද්දික් කප්පන්ට ඇප: අපේ PTA සහ ඉන්දියාවේ UAPA !

Read Time:4 Minute, 51 Second

වසර 2කට ආසන්න කාලයක් සිරකර සිටි ඉන්දීය මාධ්‍යවේදී සිද්දික් කප්පන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප නියම කර
තිබේ.

චෝදනාව

නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත (Unlawful Activities Prevention Act -UAPA) යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. වයස අවුරුදු 19ක තරුණියක සමූහ දුෂණය කොට ඝාතනය කිරීම පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සඳහා යන අතරතුර, උත්තර් ප්‍රදෙශ්හිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ඔහුට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය

ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් ඉන්දීය අග විනිසුරු යූ.යූ. ලලිත් අවධාරණය කර තිබුණේ කප්පන් වසර දෙකක් තිස්සේ අත්අඩංගුවේ සිටීම දැඩි අවධානයට ලක් කළ යුතු කරුණක් බවයි.

UAPA ?

මෙම නිත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යොදාගනිමින් ආණ්ඩුව විවේචනය කරන්නන් මර්දනය කරන බවට ඉන්දීය ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ යටතේ පුද්ගලයෙකු දින 90ක් දක්වා රඳවා ගැනීමට බලය තිබෙන අතර, ඒ අතරතුර සැකකරුවන්ට සිදුකරන ලද බරපතළ වධහිංසා පිළිබඳව පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මෙම පනත අවභාවිත කිරීම වැලැක්වීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද අවස්ථා ගණනාවකදී අවධාරණය කර ඇත.

ඉර්ෆාන් !

මෙසේ අනීතික ලෙස දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි මොහොමඩ් ඉර්ෆාන් නම් සිවිල් ක්‍රියාකාරිකයාට ඇප ලබාදීමේ නියෝගය ප්‍රකාශයට පත්කරමින් පසුගිය ජුනි මාසයේදී ද එරට ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව සඳහන් කර තිබේ. ඇප ලැබීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඉර්ෆාන් පවසා තිබුණේ එම රඳවාගැනීම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි.

විපක්ෂය සහ ආණ්ඩුව

2008 වසරේදී මෙම පනත හඳුන්වා දෙන ලද්දේ දැනට විපක්ෂයේ සිටින කොන්ග්‍රස් පක්ෂයයි. ඉන්පසු 2019 වසරේදී නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව විසින් එම පනත සංශෝධනය කරමින් තනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි.

මර්දනයේ ඉලක්කම්

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යංශයට අනුව 2019 වසරේදී පමණක් මෙම පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 1,948කි. එම කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ වාර්ෂිකව 1,000 ඉක්මවන පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්වන බවයි.

බරපතළ බව !

මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් චෝදනා තහවුරු කරගැනීමට සාක්ෂි ඉදිරිපත් කර ඇත්තේ සියයට 5කට අඩු පිරිසකගේ පමණි. සියයට 11කට අධික පිරිසක් කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා නිදහස් කර තිබේ.

ඛේදවාචකයක්

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු වන මදන් බී. ලෝකර් පවසන්නේ මෙය බරපතළ ඛේදවාචකයක් බවයි. ත්‍රස්ත ක්‍රියාකාරකම් වැලැක්වීමට නීතියක් පැවතිය යුතු වුවද, එමගින් ජනතාව පිඩාවට පත්වන්නේ නම් හෝ අත්තනෝමතික ලෙස පුරවැසියන් අත්අඩංගුවට ගන්නේ නම් හෝ එය දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් බව ද ඔහු පෙන්වා දෙයි.

අත්‍යවශ්‍යයි

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පවසා තිබුණේ එරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිය අනිවාර්යෙන්ම පැවතිය යුතු බවයි.

අපේ PTA සහ ඉන්දියාවේ UAPA

ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අත්තනෝමතික භාවිතයට එරෙහි වීම සහ එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අනිවාර්ය වී ඇති තත්ත්වයක ඉන්දියාවේ නිත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවධානයෙන් සිටීමත්, එය අධ්‍යයනය කිරීමත් වැදගත් ය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “මාධ්‍යවේදී සිද්දික් කප්පන්ට ඇප: අපේ PTA සහ ඉන්දියාවේ UAPA !

Leave a Reply

Your email address will not be published.

Previous post “අපේ අය අමාත්‍ය ධුර ගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන්”
Next post “රනිල් වික්‍රමසිංහ තමාට ඡන්දය දුන් 134 දෙනාගේ ගැටලු විසඳීමේ යෙදී ඉන්නවා”