ඉන්දියාවට ලකුණු 101ක ජයක්, විරාත් කෝලි ගෙන් ලකුණු 122ක්

Read Time:1 Minute, 23 Second

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග අද (08)පැවති තරගය ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙයි.

ඩුබායිහිදි පැවති පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළේ විරාත් කෝලි යලි ලකුණු අතරට පැමිණීමෙනි.

ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වෙයි.

මෙවර තරගාවලියේ පළමු ශතකය රැස් කර ගැනීමට විරාත් කෝලි සමත් වූ අතර නොදැවී ලකුණු 122ක් රැස් කළේ හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් සමඟය.

විරාත් කෝලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 71වන ශතකය මෙය වෙයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගුණු හොඳම සබඳතාව ද (ලකුණු 119ක්) සටහන් කිරීමට විරාත් කෝලි සහ ලෝක්ෂේ රාහුල් සමත් විය.

බු

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

2 thoughts on “ඉන්දියාවට ලකුණු 101ක ජයක්, විරාත් කෝලි ගෙන් ලකුණු 122ක්

Leave a Reply

Your email address will not be published.

Previous post දෙවැනි එළිසබෙත් මහ රැජින ජීවන වේදිකාවෙන් සමුගනී
Next post යුපුන්ට 5 වන ස්ථානය, පළමු තැන ඇමෙරිකාවේ බ්‍රොමෙල්ට