ශ්‍රී ලංකා පිල හොංකොං පරාජය කර, ඉහළම ප්‍රසාද ලකුණු අතරට

Read Time:1 Minute, 27 Second

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අද (08) ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය පස්වරුවේ නිමාවට පත්විය.

මෙම තරගයේදී හොංකොං කණ්ඩායම් ලකුණු 51 ට 62 ක් ලෙසින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටම පැමිණියේය.

මෙහි පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20 ක් හා හොංකොං කණ්ඩායම ලකුණු 9 ක් ද, දෙවැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14 ක් හා හොංකොං ලකුණු 13ක් ද, 3 වන කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අබිබවා ගිය හොංකොං කණ්ඩායම ලකුණු 16 ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 11 ක් පමණක් ලබාගත්තේය.

තරගයේ 4 වන කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14ට 13ක් ලෙස නිමාව දුටුවේය.

ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා පැවැති සියලු තරග ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට ඉහළම ප්‍රසාද ලකුණු ලබා සිටියි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “ශ්‍රී ලංකා පිල හොංකොං පරාජය කර, ඉහළම ප්‍රසාද ලකුණු අතරට

Leave a Reply

Your email address will not be published.

Previous post 96 හැවිරිදි බ්‍රිතාන්‍ය මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
Next post දෙවැනි එළිසබෙත් මහ රැජින ජීවන වේදිකාවෙන් සමුගනී