
පත්කළ ජනාධිපති හමුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 38ක් දිවුරුම්දීම අද !
Read Time:1 Minute, 18 Second
නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පමණ අද (08) දිනයේ දිවුරුම්දීම සිදු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත මෙම රාජ්‍ය ඇමතිවරුන්ගෙන් බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බව ද සඳහන් වෙයි.
එසේම දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි සතිය තුළ පත් කිරීමට නියමිතව ඇති බව ද වාර්තාවේ.
සර්ව පාක්ෂික වැඩපිළිවෙල යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සිදුවෙතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළද දේශපාලන පක්ෂ මට්ටමින් එවැන්නක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නොමැත.
කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන තිබුනේ නැත.
Average Rating