නෙල්ලිඅඩි පළාතේ ගම් දෙකක් අතර ගැටුමක්

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ ගම්මාන දෙකක් අතර හටගත් ගැටුමකින් නිවාස හතකට පමණ හානි සිදුව ඇති අතර දින හතරක් පුරාවට වරින් වර මෙම ගැටුම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මේ වන විට පුද්ගලයන් දෙදෙනකු මෙම ගැටුම සම්න්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 25 දෙනකු සොයා පොලිසිය විමර්ෂණ ආරම්භ කළ බව ද පොලිසිය සඳහන් කරයි.

ගැටුම සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසියට පැමිණිළි හතක් පමණ ලැබි ඇති බවට පොලීසිය සදහන් කරයි.

මේ වන විට පොලිසිය හා පොලිස් විශේෂකාර්යය බළකාය අදාල ප්‍රදේශයට යෙදවිමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.