ආණ්ඩුවට 116 විපක්ෂයට 108 යි, නමුත් රනිල් ජනපති කරන්න 134 යි

Read Time:1 Minute, 40 Second

පොහොට්ටුවේ එනම් ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් , ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ සංයුතිය 116 – 108 බවට පත්වී තිබේ.

මෙම ස්ථාන මාරුවීම් සමඟ ආණ්ඩුවට සහාය පළකරන මන්ත්‍රී සංඛ්‍යාව 116ක් වනවිට විපක්ෂය නියෝජනය කරන සංඛ්‍යාව 108ක් දක්වා ඉහළගොස් ඇත.

මෙම සංයුතිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 51දෙනා සමග විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ 13 දෙනෙකු, ඊයේ ස්ජීවාදීන වූ .එල්.පීරිස් ප්‍රමුඛ කණ්ඩායමේ 13 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 09 දෙනෙකු, දෙමළ ජාතික සන්ධානයේ 10 දෙනෙකු, අනුර ප්‍රියදර්ශන ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායමේ 6 දෙනෙකු හා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 03 දෙනා , අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරු 02 ක් සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂයේ 01 ද සමගින් විපක්ෂයේ අසුන් ගෙන ඇති මන්ත්‍රී සංඛ්‍යාව 108ක් ලෙස වෙනස් වෙයි.

ආණ්ඩු සහාය පළ කරන මන්ත්‍රී සංඛ්‍යාව 116ක් වන අතර ඊට පොහොට්ටු පක්‍ෂයේ මන්ත්‍රීවරු 100 දෙනෙකු ඇතුලත් වෙයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

54 thoughts on “ආණ්ඩුවට 116 විපක්ෂයට 108 යි, නමුත් රනිල් ජනපති කරන්න 134 යි

Leave a Reply

Your email address will not be published.

Previous post ගොර්බචොෆ් සහ අසඩක් !
Next post පොහොට්ටු මන්ත්‍රීන් විපක්‍ෂයේ වාඩිවීම ඇත්තක්ද? තීරණය හෙට