නාසා ආයතනය Artemis 1 යානය අභ්‍යාවකාශගත කිරීම අදට නවතයි

Read Time:1 Minute, 58 Second

අමෙරිකාවේ නාසා ආයතනය අද (29) සඳ වෙතට Artemis 1 යානය අභ්‍යාවකාශගත කිරීමට සියල්ල සැලසුම්කර තිබුන ද එය ප්‍රමාද කිරීමට කටයුතු කළේය.

නාසා ආයතනයේ “නිල චන්ද්‍ර තරණ මෙහෙයුම”, Artemis 1 ලෙස නම් කර තිබූ අතර යානාව අභ්‍යාවකාශගත කිරීමට සූදානම්ව තිබියදී හඳුනාගැනුණු හයිඩ්‍රජන් කාන්දුවක් හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්දමන ලදී.

නිල චන්ද්‍ර තරණ මෙහෙයුමේ පළමු පියවර ලෙස, මිනිසුන් රහිත ඔරායන් කැප්සූලය රැගත්, අඩි 328ක උසකින් යුතු SLS රොකට්ටුව එරට වේලාවෙන් අද පෙරවරු 8.33ට අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් කර තිබිණි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට මෙම යානාව අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබිණි.

මෙහි මීළඟ දිනය සැප්තැම්බර් දෙවැනිදා බව පැවසුනත් නාසා ආයතනය මෙතෙක් එය තහවුරු කර නැත.

SLS රොකට්ටුව සැලකෙන්නේ, මානව අභ්‍යවකාශ ඉතිහාසයේ නිපදවූ වඩාත් සංකීර්ණම සහ බලගතුම රොකට්ටුව ලෙස වන අතර සති හයක මෙහෙයුමක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇති යානය සඳ වටා දෙවරක් ගමන් කිරීමට නියමිතය.

මෙම Artemis 1 අභ්‍යාවකාශගත කිරීමෙන් පසු 2024 වර්ෂයේ දී Artemis 2 යානාව මිනිසුන් සමග සඳ වටා කක්ෂගත කරවීමටත්, 2025 වර්ෂයේ දී Artemis 3 මෙහෙයුම සඳ මත පා තබන පළමු කාන්තාව සමඟ සඳ මතට මිනිසුන් ගොඩ බැස්සවීමටත් නාසා ආයතනය සැලසුම් කර තිබේ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
100%
1 Star
0%

8 thoughts on “නාසා ආයතනය Artemis 1 යානය අභ්‍යාවකාශගත කිරීම අදට නවතයි

Leave a Reply

Your email address will not be published.

Previous post එහෙම ආවොත් ‍රනිල් පිළිගන්න සූදානම් : සමන්ත විද්‍යාරත්න කියයි !
Next post පත්කළ ජනාධිපති අද ඉදිරිපත් කරන අයවැයෙන් මුදල් වෙන් කෙරෙන හැටි