“අනේ දෙයියනේ මට නම් එපා පොහොට්ටු ආණ්ඩුවේ අගමැතිකම” – මෛත්‍රිපාල

Read Time:1 Minute, 57 Second

ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (28) පැවසීය.

දැන් ජාතික කියල පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් කෙසේ නමුත් රනිල්ගේ මෙම ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු ශ්‍රීලනිප සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී නොමැති බවද ඔහු පවසයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අදහස් දැක්වු හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,

“අපි ශ්‍රීලනිපය හැටියට අද වෙනකම් කිසිකෙනෙකුට ආණ්ඩුවට එකතු වෙන්න අනුමැතිය දීලා නෑ. ආණ්ඩුවට කලින්ම ගිය නිමල් සිරිපාලද සිල්වා මහත්තය ශ්‍රිලනිපේ මධ්‍යම කාරක සභාවේ වාඩිවෙලා එතුමා කිව්වා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් නම් තමයි අපි යන්නේ කියලා. කියල ඊට පහුවදා ආණ්ඩුවට එකතු වුණා. අපිට ආරංචි විදියට කැබිනට් එක ආමාත්‍ය ධූර 30ක් සම්පූර්ණ කරලා, රාජ්‍ය අමාත්‍යවරු තව 40ක් පත්කරන්න යනවා කියලා. තිලංග සුමතිපාල මහත්තයා කිව්වා අපේ පක්‍ෂයේ නායකයාට මේ අගමැතිකම දුන්නා නම් මීට වඩා ලොකු වෙනසක් කරනවා කියලා. අනේ අම්මෝ මම ගන්නේ නෑ ඔය අගමැතිකම. මොකද මේ ආණ්ඩුව අදත් ගෙනියන්නේ පොහොට්ටුව පක්ෂයේ නායකයෝ. වමේ පක්ෂ සමග ඉදිරියේදී අපි සන්ධානයක් හදලා ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් හදලාපෙන්වනවා.”

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

53 thoughts on ““අනේ දෙයියනේ මට නම් එපා පොහොට්ටු ආණ්ඩුවේ අගමැතිකම” – මෛත්‍රිපාල

Leave a Reply

Your email address will not be published.

Previous post මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයට 171497 ක්, ඇත්තටම ගන්නේ මින් හයෙන් එකයි(6/1)
Next post “රාජ්‍ය සේවයේ ලක්ෂ 16 යෙන්, අවංකව සේවය කරන්නේ ලක්ෂ 6යි”