ශ්‍රී ලංකාවේ පරාජයත් සමඟ සුපිරි 4 වටයට පිවිසීමේ අවදානමක

Read Time:2 Minute, 35 Second

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ (27)පැවති ආසියානු කුසලාන පළමු තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

ඇෆ්ගනිස්තාන නවක ක්‍රීඩකයින් ප්‍රබල පන්දු යැවීමක නිරත වූ අතර ශ්‍රී ලංකා ඉනිම පන්දු ඕවර 19.4කදී ලකුණු 105කට සීමාකිරීමට ඔවුන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 106 කඩුලු දෙකක් පමණක් දැවී පන්දු ඕවර 10යි පන්දු 01ක් තුළ ලබාගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සමත් වීම කාගේත් කතාබහට ලක්වී තිබේ.

ක්‍රිකට් විචාරකයන් පවසන්නේ, මෙවර තරඟාවලියේදී ඇෆ්ගනිස්තානය ප්‍රබල සටනක් දෙනු ඇති බවයි.

මේ අතර මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීම සඳහා තරමක අවදානමකට මුහුණ පා සිටියි. ශ්‍රී ලංකාව එම අවදානමෙන් මිදීමට නම් බංග්ලාදේශය මූලික වටයේදී සහභාගි වන තරග දෙකම පරාජයට පත්විය යුතුය. එසේ නැතහොත් ශ්‍රී ලංකාව සැප්තැම්බර් මස 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය ඉහළ ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගනිමින් ජයගත යුතුය.

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක – ඇ.ගුර්බාස් ප.නවීන් 3
කුසල් මෙන්ඩිස් – ක.මු. කළා ප.ෆරූකි 2
චරිත් අසලංක – ක.මු. කළා ප.ෆරූකි 0
ධනුෂ්ක ගුණතිලක – ඇ.ජානට් ප.මුජිබුර් 17
භානුක රාජපක්ෂ – දුවද්දී දැවී ගියා 38
වනිඳු හසරංග – ඇ.නබී ප.මුජිබුර් 2
දසුන් ශානක – ඇ.ගුර්බාස් ප.නබී 0
චාමික කරුණාරත්න – ප.ෆරූකි 31
මහීෂ් තීක්ෂණ – දුවද්දී දැවී ගියා 0
මතීෂ පතිරණ – ඇ.නජිබුල්ලා ප.නබී 5
දිල්ෂාන් මධුෂංක – නොදැවී 1

‍අතිරේක 6

එකතුව ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 105

ඇෆ්ඝනිස්ථානය

හස්රතුල්ලා සසායි – නොදැවී 37
රාහ්මතුල්ලා ගුර්බාස් – ප.හසරංග 40
ඊබ්‍රහීම් සද්‍රාන් -‍ දුවද්දී දැවී ගියා 15
නජිබුල්ලා සද්රාන් – නොදැවී 2

අතිරේක 12

එකතුව ඕවර 10.1 කදී කඩුලු 2 කට 106

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “ශ්‍රී ලංකාවේ පරාජයත් සමඟ සුපිරි 4 වටයට පිවිසීමේ අවදානමක

Leave a Reply

Your email address will not be published.

Previous post බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් !
Next post පාකිස්ථානය හා ඉන්දියාව තරගය අද (28)