මින්නේරියේ අලි 350ක් අතුරුදන් ! දැන් ඉන්නේ 50 යි

Read Time:1 Minute, 45 Second

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වැව් පිටිවලින් වාර්තා වූ අලි – ඇතුන් සංඛ්‍යාව වසර 06ක් ඇතුළත 389 සිට 50 දක්වා අඩු වී ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ වනජීවී පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි.

එම වනෝද්‍යානයේ අලි – ඇතුන් පිළිබඳව කළ දීර්ඝකාලීන අධ්‍යයනයක් පදනම් කරගෙන ඔහු තම නිරීක්ෂණ මෙසේ ඉදිරිපත් කර ඇත.

ආචාර්ය සුමිත් පිලපිටිය 2016 සිට 2021 දක්වා සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී කළ නිරීක්ෂණ මත පදනම්ව මේ ගණනය කිරීම් කර ඇත. ඒ අනුව  2016දී 389ක්, 2017දී  402ක්, 2018දී 354ක්, 2019දී  223ක්, 2020දී  210ක්, 2021 දී 20ක් ලෙස මින්නේරිය වැව් පිටියේ අලි – ඇතුන් නිරීක්ෂණය වී ඇතැයි ආචාර්ය සුමිත් පිලපිටිය සඳහන් කරයි.

තමන්ගේ නිරීක්ෂණ අනුව මෙම වසරේ මින්නේරිය වැව් පිටියේ දිනකට අලි – ඇතුන් 50ක පමණ ඉතා සුළු සංඛ්‍යාවක් දැකගත හැකිව ඇතැයිද ඔහු පවසයි.

වැව් පිටියෙන් අපේක්ෂිත ආහාර ඉලක්කය සපුරාගැනීමට අපොහොසත් වීමෙන් අලි – ඇතුන් කෘෂ වී ඇති ආකාරයක් නිරීක්ෂණය වූ බවද ඔහු සඳහන් කරයි.

මේ වසරේ ජුනි 30 දින වැව් පිටියේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටියදී සොයාගත් අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මන්දපෝෂණය හා කුසගින්න බව තහවුරු වූ බවද ඒ මහතා කියයි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post වල් ඌරා, වඳුරා, ඉත්තෑවා ජාතික ලැයිස්තුවෙන් ඉවතට !
Next post බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් !