“ද්විත්ව පුරවැසියන් එන එක වලක්වන සංශෝධනයට අපි විරුද්ධයි”

Read Time:2 Minute, 10 Second

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ අදහස් පළකළේ පෞද්ගලික රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම්

“ගෝඨාභය රාජපක්‍ෂ නැවත ලංකාවට ආවට පසු නැවත පාර්ලිමේන්තුවට එනවද නැද්ද කියලවත් අපිට දැනුම්දීලා නෑ. ඒක එතුමාගේ තීරණය. අගමැතිකම ගන්නවය කියන කතා දැනට පැතිරෙනවා. නමුත් එතුමා ලංකාවට ආවහම දේශපාලනය කරනවද කියලවත් අපිට දැනුම්දීලා නෑ. “

“අපි පොදුජන එක්සත් පෙරමුණ හැටියට 20 කට ඇමතිකම් ඉල්ලලා නම් ලැයිස්තුවක් යැව්වා කියන කතාව පිළිගන්නේ නෑ. ඒ සංඛ්‍යාව වැරදියි. අපි ලැයිස්තුවක් යැව්වා. නමුත් ඒ 20 කියල කියන එක වැරදියි. අපි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච මන්ත්‍රීවරුන් ඇමති මන්ඩලයට නම් කරලා යැව්වේ නෑ. අපි යැව්වේ හොඳට ජනතා මනාපයෙන් පත්වෙච්ච මන්ත්‍රී වරුන්ගේ නම් තමයි. අපිට වැඩි ප්‍රමාණයකට ඇමැතිධුර ඉල්ලන්න අයිතියක් තියනවා, මොකද අපේ මන්ත්‍රීවරු තමයි වැඩියෙන් පාර්ලිමේන්තුවේ ඉන්නේ.”

“පුද්ගලයින් ඉලක්ක කරගෙන සංශෝධන වළට අපි විරුද්ධයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියෙක් එන්න බෑ කියන සංශෝධනයට අපි විරුද්ධයි. ඉදිරි මැතිවරණ ඕනෑම එකකදී අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරඟ කරලා වැඩිම බලයක් ගන්නවා. අදටත් මේ රට පාලනය කරන්නෙ පොහොට්ටුවෙන් පත්වෙච්ච අගමැතිවරයෙකුත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්කරපු ජනාධිපතිවරයෙකුත්. ඒ නිසා පොහොට්ටුවේ බලය කියන එකට එතනින් එහා කතාවක් අවශ්‍ය නෑ.”

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධන ගැසට් නිවේදනය එයි
Next post “මට හරි උත්තරේ ඔලුවට එනවා, නෝ කමෙන්ට්ස් මල්ලි !!”