ඩලස්, ජී.එල්. ඇතුළු මන්ත්‍රී 14 ක් සහ රනිල් වික්‍රමසිංහ අද (20) අනුරාධපුර වන්දනාවේ

Read Time:1 Minute, 30 Second

ඩලස් අලහප්පෙරුම ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් අනුරාධපුරයේදී පවසා තිබේ.

අද (20) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණි අවස්ථාවේ මහාචාර්ය ජී.එල්.පීරිස් “රට වෙනුවෙන් අපි වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම්. අනුරාධපුරයෙන් ඒ ගමන ආරම්භ කරනවා”යනුවෙන් සඳහන් කළේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අද (20) අනුරාධපුරයේ ඓතිහාසික ආගමික සිද්ධස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබේ.

පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරාගැනීමේ අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම ට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ මෙලෙස අනුරාධපුර පුජා භුමියට පැමිණ තිබේ.

පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලට ගෙන මෙම මන්ත්‍රී කණ්ඩායම කොළඔ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ එකම බස්රථයක බවද වාර්තා වේ.
,

එහිදී ඔහු .

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

62 thoughts on “ඩලස්, ජී.එල්. ඇතුළු මන්ත්‍රී 14 ක් සහ රනිල් වික්‍රමසිංහ අද (20) අනුරාධපුර වන්දනාවේ

Leave a Reply

Your email address will not be published.

Previous post ශ්‍රී ලංකාවට කඳුලු ගෑස් තහනම් වෙයි?
Next post පාර්ලිමේන්තුව විසුරුවනු : නව ජනවරමකට ඉඩදෙනු පාගමන (Pics)