“මේක යුද නෞකාවක් නොවෙයි, පරීක්ෂණ නෞකාවක් පමණයි” – ජනාධිපති ජපාන මාධ්‍යට

ජපාන මාධ්‍ය වෙත පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙන්නේ හම්බන්තොට වරාය යුදමය කටයුතු සඳහා යොදා ගැනීමට චීනයට අවස්ථාවක් නොමැති බව පවසා තිබේ.

පත්කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ලොව අනෙක් රටවල්ද මෙවැනි අවස්ථා සදහා අවසර ලබා දී ඇති අතර ,චීන නෞකාව පරීක්ෂණ නෞකාවක් ලෙස යුද නෞකාවක් නොවන බවයි.

කිසිදු රටක ආරක්ෂාවට බලපෑමක් ඇති නොකරන බැවින් තුන් පාර්ශවයක මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව චීනය ඊයේ(17) ප්‍රකාශ කළ අතර මෙම නෞකාව ජාත්‍යන්තර නීතියට සහ භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

මේ වනවිට ඉන්දියාව, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ සිය නිරීක්ෂණ කටයුතු තීව්‍ර කර තිබෙන බව ඉන්දියාව පවසයි. මෙම නිරීක්ෂණ කටයුතු සඳහා ඇමෙරිකාව විසින් තාක්ෂනය උපකරණ ඉන්දියාවට ලබා දී ඇති බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.

හම්බන්තොට වරායට ඊයේ ළගා වූ යුවාන් වැන්ග් – 5 නෞකාව ලබන 19 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.