’සර්ව පාක්ෂික’ ආණ්ඩුව

මේ දිනවල තොර තෝංචියක් නැතුව ඇහෙන්නෙ ම ‘සර්වපාක්ෂික ආණ්ඩුවක්’ ගැන කියන කතා. අපේ දේශපාලන දැනමුත්තො ඕක මහ ලොකු කතාවක් වගේ කිව්වට අලුත් කතාවක් නෙවි……….. ’සර්ව පාක්ෂික’ කියන්නෙම කාලයක් තිස්සෙ අපේ දේශපාලන සංස්කෘතියෙ පට්ට ගහපු හද්ද පරණ වචනයක් නොවැ……….. හෝද හෝද මඩේ දාපු මඩ වතුරටම දිය වෙලා ගිය හංපඩ ගැහුනු මඩකරි වචනයක්.

මතක හැටියට ’සර්ව පාක්ෂික’ කියන වචනෙ අපේ දේශපාලන සංස්කෘතියට මුලින් ම එක් වුනේ එක් දහස් නමසිය හැටේ දශකයෙ දි වගේ. එදා සර්ව පාක්ෂික’ කියන නමෙන්ම නොවුනත් අපේ දේශපාලන ඉතිහාසෙ මුලින් ම ඒ වගේ ආණ්ඩුවක ගුණ අගුන බලන්න අපට පු`ඵවන් වුනේ හැටේ දශකයේ ඩඩ්ලි සේනානායක උන්නැහෙගේ කාලෙදි. ඩඩ්ලි 1965 දි අටව ගත්තෙත් පක්ෂ ගණනාවක ආණ්ඩුවක්. ඒකට කිව්වෙ ‘හත්හවුල් ආණ්ඩුව කියල’. අඩු වැඩි වශයෙන් ඉතින් ඒකටත් අපට කියන්න වෙන්නෙ ’සර්ව පාක්ෂික’ කියලම තමයි. එහෙම නේද?…

මතක නැතෑ…….. මාක්ෂ්වාදෙ පියා කියල නම් දරාගෙන හිටපු මහජන එක්සත් පෙරමුණේ නායක ෆිලිප් ගුණවර්ධන උන්නැහේ තමන්ගෙ දේශපාලන පරම හතුරත් එක්ක එකතු වෙලා ඒ ආණ්ඩුව පිහිටවපු හැටි ගමොකද මතක නැත්තෙ? ………. මැරිල ඉපදිලායැ? අදත් ඒකම නේ………… වෙලා තියෙන්නෙ ………. එතුමගෙ අති ජාත පුත්‍ර රත්නයල කවුරු කියලද හිතන්නෙ?…… දන්නෙ නැත්නම් ඔන්න අහගන්න… මහජන එක්සත් පෙරමුණේ වර්තමාන නායක දිනේශ් ගුණවර්ධන උන්නැහේ තමන්නෙ පරම දේශපාලන හතුරට වැඳ වැටිල අගමැතිකම ගත්තෙ. ඉතින් ඒකනෙ කියන්නෙ. ‘ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි’ කියල…. ඒ විතරක්යැ ‘අප්ප කළ දේ පුතා නොකළොත්………. කාගෙද පුතෙක් බවත් කියනව නෙව……

‘වල් ඌරො කැකුණ තලන කොට හබන් කුකුළන්ට මඟුල් ’ කිව්වලු නේ. ඒකම තමයි…….. යූ. ඇන්. පී – පොහොට්ටු ආණ්ඩුවටත් වැදි්ච්ච චාන්ස් එක. රනිල්ටත් ඒ චාන්ස් එකමයි…….. හොඳේ……. මෙව්ව ඉතිං කවද ලැබෙන චාන්සද? කොල්ලන්ට බුදු බව අත්වෙන්න හීනෙකින්වත් හිතුවෙ නැති චාන්ස් එකක් නෙ කඩා වැටුනෙ. කාට කාටත් ‘කල්ල මරේ’ කොල්ලන්ට පිංසිද්ධ වෙන්න……ඒ වුනාට බොරු රඟපෑමක් කරනව ඒ ගොල්ලන්ගෙ බල පු`ඵවන්කාර කමට ලැබුණ එකක් විධියට.
77 ජේ ගආර් ගගෙ ආණ්ඩු කාලෙත්. …..ඊට පස්සෙ චන්ද්‍රිකා නෝනගෙ ආණ්ඩු කාලෙත් ’සර්ව පාක්ෂික’ සම්මේලන පැවැත්තුව ජන වාර්ගික ප්‍රශ්නෙ විසඳන්න…… කියල…..කෝ විසඳුවද? ප්‍රශ්නෙ ඔඬු දුවනකන් ඇද ඇද හිටිය මිසක්. අදත් කෙරෙන්නෙ ඒකම තමා…… අන්තිම බැරි වෙන කොට ’සර්ව පාක්ෂික’ කියන ලේබලේ එල්ල ගෙන ටික කලක් ඇද ඇද ඉන්න ඇහකි නේ…… ගවැඩක් වෙන්නෙ නෑ…….. පුස් වෙඩිල්ලක් ම තමයි.
……..’සර්ව පාක්ෂික’ නාමෙන් විපක්ෂෙ මන්ත්‍රිවරු එක එකා බිලි බා ගන්න වැඩ පිළිවෙළක් දියත් කරපු සන්තෑසියක් තමයි අපට නම් පේන්නෙ. ඒක කැට කඩල කියන්න පුළුවනි. විපක්ෂනායක තුමා එකක් කියන කොට……සජබෙ හර්ෂ උන්නැහේ තවත් එකක් කියනව …… ඒක ඒ උන්නැහේගෙ මතේලු ගජනරාල් තුමා තවත් එකක් කියනව……..ඇයි? ……එච්චරද?….. රාජිත උන්නැහේ? සීරුවෙන් ආණ්ඩුවට රිංගන්නයි හොර ගල් අහුල අහුල ඉන්නෙ. බලා ගත හැකි ‘හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙටලු’ තව ටික දොහක් ගියාම ’සර්ව පාක්ෂික’ කොහෙම වුනත් විපක්ෂෙ වැඩි හරියක් ‘නිර්පාක්ෂික’
2
වෙයිද මන්ද? එහෙම වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ …….. ‘වැල යන පැත්තට මැස්ස ගහන්න’ අපේ උදවිය ඔස්තාර්ල නේ ග නැද්ද මං අහන්නෙ?රනිල් ..ලොක්ක කළෙත් ඒකම නේ.
විමල්ල ග ග ගගම්මන්පිලල …… ඩලස්ල ……. දයාසිරිල වගේ අයට වැලේ වැල් නැතිවෙන තත්ත්වෙට වැටිච්ච බව තමයි ආරංචි වලින් නම් කියවෙන්නෙ ………..පව් අනේ…….අපට හරි දුකා ………………..යි ඒ උදවියට දැන් තියෙන එකම විකල්ප විසඳුම තමයි …….. රනිල් දික් කරගෙන ඉන්න ‘ඇමති කැරට්’ අලේ ගිලදාන එක ග ‘නිකං ඉන්න මට අහල ගියත් ඇති’ කියල කිව්වලු නේ. ඒ නිසා ඒ දෙතුන් දෙනාට කරන්න තියෙන්නෙ කළ වැරදි වලට සමාව දෙන්න කියල බුලත් හුරුල්ල…….කුත් ඇන්න ගොහින් රනිල් ලොක්ක බැහැ දකින එකයි. එහෙම වුනොත් රනිලුත් දිනුම් …… විමල්ලත් දිනුම් …….. එක පක්ෂෙකින් ඉන්නෙ එක්කෙනෙක් වුනාට පක්ෂ දහයක විතර නම් ගම් ලියවෙනව නෙව……..රෙජිස්ටරේට. ඉතිං පොඩි වැඩක්ද?……….අ ….. අ …… අම්මට උඩු …….. කියල වැඩක් නෑ ……. ආණ්ඩුව බොක්කෙම්ම ’සර්ව පාක්ෂික’ නෙ?.

රචනය – විමලසිරි ලේකම්නාමගේ

සබැඳි

8 Comments

  1. Perhaps most importantly, more research is needed to better understand the motivations of people who, despite the availability of legitimate online pharmacies, continue to seek medications using NPOPs cialis otc

  2. Lifestyle factors, including alcohol abuse, illegal drug use, smoking, side effects from other prescription medications including those used to high blood pressure, heart conditions or heart disease, and depression , and side effects of over-the-counter medications such as antihistamines and Sudafed, can also play a role in causing erectile dysfunction buy cialis canadian Yes, BlueChew is definitely legit

Leave a Reply

Your email address will not be published.