ගෝඨාභය දක්‍ෂ දේශපාලකයෙක් නෙමෙයි, ගෝඨා 24 එනවා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද (17) CID ට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට ප්‍රකාශ කළේය.

ගෝඨාභය රටට යළිත් පැමිණ ජනතාවට සේවයක් කරනු ඇතැයි ද උදයංග වීරතුංග එහිදී ප්‍රකාශ කළේය. එහෙත් හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනයේ නිරත නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ දේශපලානඥයෙකු ලෙස දක්ෂයෙක් නොවන අතර නිලධාරියෙක් ලෙස දක්ෂ පුද්ගලයෙකු බව ද උදයංග වීරතුංග අවධාරණය කළේය.

ඔහු අද CID යට පැමිණියේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.