මුව ආවරණයක්වත් නැතිව සිටි සරත් වීරසේකරට චීන කපිතාන්ගෙන් පාඩමක්

යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වූ අතර නෞකාවෙන් ගොඩ බසින චීන කපිතාන්වරයාට මුව ආවරණයක් හෝ නොමැතිව හිටපු අමාත්‍ය සරත් වීරසේකර අතට අත දීමට සූදානම් වූ මොහොතේ කපිතාන්වරයා එය ප්‍රතික්‍ෂේප කළේය.

උදෑසන 08ට පමණ අදාළ නෞකාව හම්බන්තොට වරායට පැමිණි අතර නෞකාව පිළිගැනීම සදහා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සරත් වීරසේකර, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද එක් ව සිටීයේය.

නෞකාවෙන් ගොඩ බසින චීන කපිතාන්වරයාට හිටපු අමාත්‍ය සරත් වීරසේකර අතට අත දීමට සූදානම් වුවේ මුව ආවරණයක් හෝ නොමැතිව ය.

මෙහිදී අතට අත දීම නො පිළිගත් කපිතාන්වරයා, සරත් වීරසේකර ඇතුළු පිරිසට සිය අත ඔසවා පොදුවේ ආචාර කළේය.

තවමත් කොවිඩ් අවධානම ලෝකය පුරා තිබෙන මොහොතක සුවිශේෂ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් සිදු වන අවස්ථාවක දී වගකීමක් සහිත පුද්ගලයකු විසින් මෙවැනි ආකාරයකට හැසිරීම අනුමත කළ නොහැකි බව මෙම සිදුවීම බලාසිටි පිරිස් පවසන ලදී.

සබැඳි

Leave a Reply

Your email address will not be published.