76 හැවිරිදි සුකීට තවත් වසර 6ක සිර දඬුවමක්

අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.
හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක්කර තිබේ.

අද (15) ලබාදුන් එම අධිකරණ තීන්දුව අනුව ඇයව දූෂණ චෝදනාවකට වැරදිකරු කර තිබුණි.

ඇය සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් පැවසුවේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවය.

වසර 2022 අප්‍රේල් මාසයේදී, 76 හැවිරිදි සුකීට රහස් නඩු විභාගයකදී දූෂණ චෝදනා මත වසර පහක සිර දඬුවමක් නියම කළ අතර අවස්ථා කිහිපයකදීට ඇයට සිර දඬුවම් නියම කෙරිණි.

සුකී 1990 දශකයේ දී ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් වූවාය. ඇයට 1991 දී නොබෙල් සාම ත්‍යාගය ද පිරිනැමිණි.

පැවැති ආඥාදායක ජන පීඩක පාලනයට එරෙහිව අවුන් සාන් සූකී දේශපාලන වේදිකාවට පිවිසෙද්දී එරට කලාකරුවන්, ලේඛකයන්, හා විවිධ ස්වේච්ඡා සංවිධාන ඈ වටා පෙළ ගැසුනහ.

සුකී 2015 දී, මියන්මාරයේ වසර 25 කට පසු විවෘතව තරග කළ පළමු මැතිවරණයෙන් ඇය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් (NLD) ජයග්‍රහණය කළ අතර එරට ජනතාව විසින් ‘සුකී අම්මා’ යනුවෙන් ඇය හඳුන්වනු ලැබුවාය.
කෙසේවෙතත් 2021 පෙබරවාරියේදී අවුන් සාන් සුකී අත්අඩංගුවට ගනිමින් ජෙනරාල් මින් අවුන්ග් හමුදා පාලනයක් පිහිටුවාගත් අතර කුමන්ත්‍රණයේදී හමුදාව ඇයව නෙරපා දමා නිවාස අඩස්සියේ තබන ලදී.

සබැඳි

Leave a Reply

Your email address will not be published.