වසර 10 ක් ගෙවුණු `සෙංකොට්ටං´ ගැන එක වාක්‍යයකින් ලියන්න

මේ සෙංකොට්ටං´ නව කතාවට වසර දහයක් පිරීම නිමිත්තෙන් ය. 2022 අගෝස්තු මාසයට හරියටමසෙංකොට්ටං´ අවුරුදු දහයේ උපන් දිනය සමරයි. (පළමු මුද්‍රණය 2012 : අගෝස්තු) මේ කාලය තුළ සෙංකොට්ටං පිටපත් එක්ලක්ෂ

පනස්දාහක් (150,000) ඉක්මවා ඇති බව සදහන් කරන්නේ සුවහසක් පාඨකයනට අතිමහත් ගෞරවයක් වශයෙනි.

මහත් පරිශ්‍රම දරා මෙය ලියා මුල් මුද්‍රණය පිටපත් දහසක් (1000) මුද්‍රණය කර ගෙන කර තබාගෙන පොත් කඩ ගානේ රස්තියාදු වූ මහත් බරැති අතීතයක් මෙයට වසර දහයකට ප්‍රථම වෙයි. මුලින්ම පොත් කීපයක් දාගන්නට බලාපොරොත්තුවෙන් මරදානේ පොත් කඩ ගානේ ගිය අතර ඒ එක් කඩයකින් කිවුවේ “මොනවද මේ නම් .?සෙංකොට්ටං? හරියට සෙම් – සොටු වගේ. ටිකක් පැණි නමක් දාන්න එපැයි..” කියා ය. 2012 දී මාත් – කල්පනීත් පොත් ඔසවාගෙන කොළඹ පොත් ප්‍රදර්ශනයේ කුටි ගානේ ගියෙමු. මහා වැරැද්දක් කළ එකකු සේ මා නිතරම එහිදී ගියේ කල්පනීට අඩියක් දෙකක් පිටුපසිනි. ඈ පොත් කුටි ළඟට ගොස් ඇවිටිලි කරන්නට විය. අලුත් පොත් ගන්න බෑ..රාක්ක ඉඩ නෑ...´ කී කළ කල්පනී ඔවුන්ට බැගෑපත් වූයේ ' අපිට උදව්වට හරි පොත් පහක් හරි ගන්නවද ' කියාය. ඇතැම් තැන් වලින් ගත්තේය. ඇතම් තැන් වලින් ගත්තේම නැත. කෙහොම උනත් ඒ තත්වය තිබුනේ මාස හයක - හතක කාලයක් පමණි. ඉන් අනතුරුව සෙංකොට්ටං ගින්නක් සේ ඇවිළී ගියේය. මේ අතර සරසවිය ඇතුළු බොහෝ ප්‍රමුඛ පෙළේ පොත් සාප්පු මහත් ගෞරවයෙන් යුතුව සෙංකොට්ටං බාර ගත්තේ ය. සරසවි කාර්යාලයේ ලියනගේ මහත්තයා නිතර කිවුවේ අපිට හරි සතුටුයි පුතා …´ කියාය.

කොහොමින් කොහොම හරි දැන් ` සෙංකොට්ටං´ ට අවුරුදු දහයක් වයසය. අදටත් නිරන්තරයෙන් නව පාඨක සමූහ සෙංකොට්ටං වටා සැදෙයි.

මා සෙංකොට්ටං හැඳින් වූ තනි වාක්‍ය වූයේ ඒ අපූරු වූ සුවදේ කතාන්දරය´ යන්නයි. පොත කියවු ඔබටත්සෙංකොට්ටං´ මෙහෙම තනි වාක්‍යකින් හඳුන්වන්නට හිතුනොත් ඒක මෙහි ප්‍රතිචාර තීරයේ සටහන් කරන්න. ඉන් අප සිත් ගන්නා නිර්මාණශීලී වාක්‍යය ඔබගේ නමින් සෙංකොට්ටං´ මී ළඟ 41 වන මුද්‍රණයට ඇතුළත් කරන්නට අපි අදහස් කරමු. ඒ වගේම නිර්මාණශීලී වාක්‍ය 10 ට සිහිවටන තිලිණ දෙන්නත් අපි අදහස් කරන්නෙමු. සෙංකොට්ටං´ හා වසර දහයක් තිස්සේ මහත් නැව්ම් හැඟීමෙන් බැඳී සිටින සියළුම පාඨක සම්පතට අසීමිතව ආදරය බව මෙසේ සටහන් කරමි.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

සබැඳි

Leave a Reply

Your email address will not be published.