චීන නැව හම්බන්තොට වරාය පැමිණෙයි

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

පසුගිය 11 වැනිදා හම්බන්තොට වරාය වෙත ළඟාවීමට නියමිතව තිබූ යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව ඉන්දීය විරෝධය හේතුවෙන් ලංකාවේ ඉල්ලීම පරිදි පැමිණීම ප්‍රමාද කිරීමට පියවර ගත්තේය.

ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වමින් ඉන්දියාව ඊට දැඩි අප්‍රසාදය පළ කළ මෙම නෞකාව හම්බන්තොට වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදාය.

ඉන්දියාවේ විරෝධයත් සමඟ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබිණි.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය මත අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීයේය.

චීන බලධාරීන් පවසන්නේ ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිත බවයි.

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.