මිල සූත්‍රය වැඩ නෑ, ඇමති සද්ද නෑ

මිල සූත්‍රයට අනුව ඊයේ (15) රාත්‍රියේ ඉන්ධන මිලෙහි වෙනස්කම් සිදුවියයුතු වුවද මෙවර කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ.

සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ එදා තිබූ අර්බුදකාරී තත්වය සමනය කිරීමට පමණක් බව මෙයින් පැහැදිලි වෙයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නැත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42ක් ලෙසත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.91ක් ලෙසත් අද (16) උදෑසන වන විට සටහන් වී තිබේ.

සබැඳි

8 Comments

Leave a Reply

Your email address will not be published.