“අවුරුදු 74ක නිදහසෙන් පස්සේ අපට ලැබිලා තිබෙන්නේ වහල්භාවය”

නායකයෝ ඇවිල්ලා ඔක්කෝමලා කළේ, නීතිය ස්වාධීනත්වය නැතිකර දැමීම බවත් දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අතවිඳිය නොහැකි බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පවසයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රධානය කළ මුල්‍ය පරිත්‍යාගය බෙදාදීමේ දෙවන අදියරට අද(14) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී එක් වූ අවස්ථාවේ දී මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් මෙම අදසහස් දැක්වූහ.

එහි දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් වැඩි දුරටත් අදහස් දක්වමින්,

“අවුරුදු 74ක නිදහසෙන් පස්සේ අපට ලැබිලා තිබෙන්නේ වහල්භාවය. නීතියට ඇඟිලි ගැසීමට දේශපාලන නායකත්වයට ඉඩනොදිය යුතුයි කොයිම ආකාරයකටවත්. ඒ තත්ත්වය උදාවනතුරු මේ රට නිදහස් වෙන්නේ නැහැ කවදාවත්. මේ නායකයෝ ඇවිල්ලා ඔක්කෝමලා කළේ, නීතිය ස්වාධීනත්වය නැතිකර දැමීමයි. පොලීසිය දේශපාලන නායකයෝ කියන විදිහට වැඩ කරන්නේ. එහෙමනම් රටේ නීතිය ස්වාධීන නැහැනේ.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිග්වේ රදගුරු හිමිපාණන් ද සහභාගි වී සිටියේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.