ඊජිප්තු දේවස්ථානයක ගින්නකින් 41ක් මියයයි

ඊජිප්තුවේ දේවස්ථානයක විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නකින් 41කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ 5,000ක් පමණ පිරිසක් දේවමෙහෙයට එක්ව සිටියදී විදුලි කාන්දුව සිදුවී ඇති අතර එහිදී රැස්ව සිටි බැතිමතුන් ඉන් පිටවීමට උත්සාහ දැරීමේ දී ඇති වූ තෙරපීමෙන් මෙම බැතිමතුන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තා විය.

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.