කර්තෘ සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇනීමට එරෙහිව පොලිසිය චෝදනා එල්ල කරයි…!

නිව් යෝර්ක් ප්‍රාන්තයේ පැවති උත්සවයකදී ඉන්දියානු සම්භවයක් ඇති හා අන්තවාදී මුස්ලිම් මූළධර්මවාදයට එරෙහිව වසර 40කට පමණ පෙර (The Satanic Verses) යන නවකතා පොත ලියන ලද සල්මන් රුෂ්ඩි (author Salman Rushdie)ගේ බෙල්ලට සහ කඳ ප්‍රදේශයට පිහියෙන් ඇණ මරාදැමීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පොලීසිය සිය චෝදනා සිද්ධියේ සැකකරු වන Hadi Matarට එරෙහිව ඉදිරිපත්කර තිබේ.

සලමන් රුෂ්ඩි මුස්ලිම් අන්තවාදීන්ගේ මරණ වෙරන්තුවට ලක්වූවෙකි. සිය නව කතාව ලිවීමෙන් පසුව වසර ගනනාවක් සැගවුන ජීවිතයක් ඔහු ගත කළේය. මේ හේතුව නිසාම සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැනට වසර හතළිහකට ආසන්න කාලයක් රුෂ්ඩි ඇමරිකාවේ ජීවත්වන්නේය. තවම ඔහු පිටුපස මුස්ලිම් අන්තවාදීන්ගේ ඉළක්කය හඹා පැමිණෙන බව පසක් කරමින් මෙම සිදුවීමද සාක්ෂි දරණු ඇත.

Hadi Matar

ලේඛක රුෂ්ඩි පසුගිය සිකුරාදා (12) වේදිකාවේ සිය දේශනයක් පවත්වමින් සිටියදී ඔහුගේ බෙල්ලට සහ කඳට පිහියෙන් ඇන ඇත. පැය ගණනක ශල්‍යකර්මයකින් පසුව, රුෂ්ඩිට වාතාශ්‍රයද ලබා දී ඇති අතර එදින සවස් වන විට ඔහුට කතා කිරීමටද නොහැකි වී ඇත. පිහියෙන් ඇනීමේ සිද්ධියේ සැකකරු වන Hadi Matar මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට ලක්ව ඇති අතර ඔහු බැඳුම්කරයකින් තොරව රඳවාගෙන සිටින බව Chautauqua County හි නඩු පවරන්නන් පවසයි.

Matar කැලිෆෝනියාවේ උපත ලැබූ අතර මෑතකදී නිව් ජර්සි වෙත සංක්‍රමණය වූ බවත් එහි ෆෙයාර්වීව් හි ජීවත්වන මෙම 24 හැවිරිදි තරුණ සැකකරුව සිකුරාදා (12) අගභාගයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලදි. සැකකරුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිපති ජේසන් ෂ්මිඩ් (Jason Schmidt) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද, ඇතුළු ප්‍රාන්ත සහ ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රහාරයට පෙර සැලසුම් කිරීම සහ සූදානම අවබෝධ කර ගැනීමටත් අමතර චෝදනා ගොනු කළ යුතුද යන්න තීරණය කිරීමටත් ක්‍රියා කරන බව ෂ්මිට් වැඩිදුර ජාත්‍යන්තර මාධ්‍යයට පවසා ඇත. දේශනය අතර වාරයේදී සිදුවූ සිදුවීමෙන් පසුව මෙම සැකකරුව ප්‍රේක්ෂකයින් විසින් පලායාමට නොදී පොරබදීමින් සිටි අතරවාරයේදී රාජ්‍ය භටයෙකු විසින් ඔහුව එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.
කලා නිදහස පිළිබඳ සිය ගණනකවූ ප්‍රේක්ෂක පිරිසකට දේශනයක් පැවැත්වීම සඳහා හඳුන්වා දෙමින් සිටි 75 හැවිරිදි රුෂ්ඩිට පහර දීමට හේතුව මෙතෙක් තහවුරු කර නොමැති බව පොලිසිය සිකුරාදා ප්‍රකාශ කර තිබේ. මාටර්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ මූලික නීතිය බලාත්මක කිරීමේ සමාලෝචනයකින් පෙන්නුම් කළේ ඔහු ෂියා අන්තවාදයට සහ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කරණ බවයි. නමුත් නිශ්චිත සම්බන්ධතා කිසිවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැතිබව NBC New York පවසයි.

Ashoka Peiris (CSNA-Media)

විදෙස් පුවත් ඇසුරෙන්
ජායාරූප රොයිටර් සහ අන්තර් ජාලයෙන්

lankaweb.lk

සබැඳි

Leave a Reply

Your email address will not be published.