සල්මාන් රුෂ්ඩිට පිහි ප්‍රහාරයක්

ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මන් රුෂ්ඩි ට අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ඔහු වේදිකාවක කතා කරමින් සිටිනවිට එක්වරම පුද්ගලයෙක් වේදිකාවට ගොඩවී ගත්කතුවරයාට පිහියකින් ඇන ඇති බවය.

පිහිඇනුම හේතුවෙන් රුෂ්ඩි ගේ බෙල්ලට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ නියෝජිතයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් රුෂ්ඩිගේ එක් ඇසකට සහ වකුගඩු වලට හානි සිදුව ඇති බවයි. ඔහුව සැක්මකට භජනය කර ඇති බවද විදෙස් මාද්‍ය සඳහන් කරයි.

පිහිඇනුම සම්බන්ධයෙන් 24 හැවිදිරි පුද්ගලයෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රුෂ්ඩි 1981 සවරේදී සිය දෙවැනි නව කතාවට බුකර් සම්මානය ලබමින් සාහිත්‍යකාමීන්ගේ අවධානයට පාත්‍රවිය. ‘මිඩ්නයිට්ස් චිල්රන්’ නම් ඔහුගේ දෙවැනි නවකතාව විය. වසර හතකට පසුු ඔහුගේ සිව්වැනි නවකතාව වූ ‘සැටනික් වර්සස්’ ප්‍රකාශයට පත් කිරීමත් සමඟම ඔහුගේ නම ලොව පුරා බහුතරයකගේ මුවින් කියැවෙන්නට පටන් ගත්තේය. ඔහු අසමාන ලෙස ජනප්‍රිය වූ සේ ම මරණ තර්ජන ද එල්ල විය.

‘සැටනික් වර්සස්’ කෘතිය මුස්ලිම් ලෝකය කොතරම් කළඹවාලූද කියතොත් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලා කුමේනි ඔහුට එරෙහිව 1989 පෙබරවාරියේ දී ‘ෆටාවා’ හෙවත් මරණීය දණ්ඩනය පැනවූයේ ඕනෑම මුස්ලිම් ජාතිකයකුට දුටු තැන ඔහු මරාදැමීමේ අයිතිය පවරමිනි.

එතැන් පටන් ඔහු බොහෝ කලක් ජීවත්වූයේ තැන තැන සැඟවෙමින් හා පලායමිනි. රුෂ්ඩි “ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි” යනුවෙන්ද හැඳින්විය හැකිය. මන්ද යත් ඔහු වසර 2007 ජුනි මාසයේ දී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජන සාහිත්‍යය වෙනුවෙන් කළ සේවය උදෙසා ඔහුට නයිට් පදවියක් පිරිනැමූ නිසාවෙනි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.