ස්ථිර තැනක් ලැබෙන තෙක් ගෝඨා මෙහෙ ඉන්නවා – තායිලන්ත අගමැති

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තුරු තාවකාලිකව තම රටේ රැඳී සිටින බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා ඊයේ (10) තහවුරු කළ බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි.

තමන්ට ස්ථිර රැකවරණය ලබා දෙන වෙනත් රටක් ලැබෙන තුරු සිය රට තුළ දේශපාලන කටයුතු සිදු නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බව ද තායිලන්ත අගමැතිවරයා පවසා තිබේ.

තායිලන්ත විදේශ අමාත්‍යාංශයද ප්‍රකාශ කර තිබුණේ තායිලන්තයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් ලැබී ඇති නමුත් ඔහු එරටින් දේශපාලන රැකවරණ පතා නොමැති බවයි.

දෙරට අතර වීසා නිදහස් කිරීම පිළිබඳ 2013 ගිවිසුමට අනුව රාජපක්ෂට දින 90ක කාලයක් රැඳී සිටීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු විරෝධයක් නොදක්වන බව ද තායිලන්ත විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබිණි.

මූලාශ්‍රය bangkokpost

සබැඳි

Leave a Reply

Your email address will not be published.