තායිවානයට චීනයෙන් මිසයිල

චීනය විසින් තම රට ඉලක්ක කරගනිමින් තම සාගර කලාපයට සහ ගුවන් කලාපයට මිසයිල ප්‍රහාර එල්ල කළ බව තායිවානය ප්‍රකාශ කරයි.
පසුගිය අගෝස්තු හතර වන දා ජනතා විමුක්ති හමුදාවේ ඊස්ටන් තියටර් බලඇණිය තායිවාන නැගෙනහිර වෙරළ තිරයේදී මිසයිල අත් හදා බැලීමක් සිදුකල බව චීන මධ්‍යම රුපවාහිනිය මගින් ද වාර්තා කරණු ලැබූ අතර සියලු ඉලක්ක සාර්ථක වූ බවද එම රුපවාහිනී සේවය වාර්තා කළේය.

චිනය, තායිවානය තම පාලනයට නතුවිය යුතු රටක් ලෙස සළකන අතර තමනට අවශ්‍ය වූ විටෙක තායිවානය අත්පත් කර ගන්න බවද විටින් විට ප්‍රකාශ කර තිබේ.

චීනය විසින් මෙම අභ්‍යාස ඇමෙරිකානු කතානායිකා නැන්සි පෙලොසි ගේ තායිවාන සංචාරයෙන් පසුව සිදු කරනු ලැබූ අතර, ඇය විසින් ද එක්සත් ජනපදය තායිවානය අත් නොහරින බව අවධාරණය කිරීම සඳහා තමන් සහ පිරිස තායිවානයට පැමිණි බව සිය සංචාරයේදී ප්‍රකාශ කර සිටියාය.

චීනය සහ තායිවානය වෙන්වනුයේ කිලෝමීටර 180 පමණ වන තායිවාන් සමුද්‍ර සන්දියෙන් වන අතර,චීනය විසින් තායිවානයට කිලෝමීටර දහනවයක තරම් ආසන්න දුරකට සිය මිසයිල මුදාහැර තිබිණි. චීනයේ දකුණු පසින් පිහිටි පින්ටන් දුපතෙහි සිට තම හිසට ඉහලින් පියඹා යන මිසයිල නරඹන ජනතාවගේ දර්ශනද CCTV රුපවාහිනිය මගින් ප්‍රසිද්ධ කර තිබිණි.

චීනයෙහි මෙම බලහත්කාරී හැසිරීම සබන්ධයෙන් අදහස් දක්වන තායිවානය ප්‍රකාශ කරනුයේ තායිවානයට සහය දීම නතර කිරීම අරමුණින් චීනය ජාත්‍යන්තරයට බලපෑම් කරන නමුත් එයින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙනු ඇති බවය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.