රාජපක්‍ෂ අයියා, මලෝට ලබන මස දක්වා රට යාම තහනම්

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යනදෙදෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය ලබන මස (සැප්තැම්බර්) 05 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතීවාසිකම් පෙත්සම් දෙකක් අද (10) සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මීට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.