ඇමතිවරයා මැද්දට පැන කමිටු පත් කළත් මෙතෙක් වරදකරුවන් වී දඩුවම් ලැබූ කිසිවෙක් නැත

කඳුකර කොටියාට කළ අපරාධය

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටන් වනරාජ වත්තේ කොටියාට කළ අපරාධය ගැන පරිසරයට ආදරය කරන රටේ හැමදෙනාම සංවේගවයට පත්විය. දරුවෙක් උගුලක පැටලිලා ගහක් උඩ හිටියොත් අපි දරුවා බේරගන්නේ ගහ කපලා ද. ඔවුන් කළේ මුට්ටිය ගැලවීම සඳහා එළුවා ගේ හිස ප්‍රථමයෙන් කඳින් වෙන් කිරීම වගේ අමන තිරිසන් වැඩකි.

ජීවිත ගලවා ගැනීමේ සේවාවන් පිළිබඳ කිසිම අවබෝධයක් නැති නිලධාරීන් මේ රාජකාරිය කරන්නේ කොහොමදැයි අපට සිතාගත නොහැක. රට පුරාම සත්තුන්ට මර උගුල් අටවති. විදුලි රැහැන් යොදති. අලි ඇතුන් පමණක් නොව දරුවන් ද විදුලි රැහැන් වල පැටලී මියයති. ඒ අපරාධ වැළැක්වීම සඳහා කිසිම වැඩපිළිවෙළක් මේ වනතුරු දියත්කර නැත. නීති විරෝධීව වතුපිටි, හේන්, ආදියේ විදුලි රැහැන් ඇදීම ඉතාමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

ජනතාව සංවේදීවූ විට ඇමතිවරයා මැද්දට පැන කමිටුවක් පත් කරයි. නමුත් මෙතෙක් වරදකරුවන් වී දඩුවම් ලැබූ කිසිවෙක් නැත. තලාවේ මහේශාක්‍ය ඇතා ඔත්පලව සිටියදී පොරවෙන් පහරදී ඇතාගේ දළ කපාගෙන ගියේය. විදුලිය රැහැන් යොදා ගල්කිරියාගම බරණ ඇතා ඝාතනය කළේය. මේ කිසිවක විත්තිකරුවන්ට තවමත් නඩු පවරා නැත.

වනාන්තර වල සතුන් උන්නත් මළත් මට මොකද මගේ වැටුපත් දීමනාත් හරියට ලැබෙනවා නොවේදැයි වනජීවී අධ්‍යක්ෂක ජනරාල් එම්. ජී. චන්දන සූරියබණ්ඩාර හිතන බව පෙනේ. තමා විශ්‍රාම යාමට පෙර ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ කොටි ගහනය අවසන් කර වාර්තාවක් තබා යන්නට සමහර විට ඔහු සිතා සිටිනවා විය හැකිය.

උදේනි සමන් කුමාර (fb)

සබැඳි

Leave a Reply

Your email address will not be published.