ට්‍රම්ප්ගේ ෆ්ලෝරිඩාහි මන්දිරය එෆ්බීඅයි වටලයි

2024 වසරේදී තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කරන හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලෝරිඩාහි පිහිටි මන්දිරය එෆ්බීඅයි නිලධාරීන් විසින් වටලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සිය නිවසේ තිබූ සේප්පුවක් පවා එෆ්බීඅයි නිලධාරීන් විසින් විවෘතකර ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ලිපි ලේඛන හැසිරවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සෝදිසි කිරීම සිදුකර ඇති බව ෆ්ලෝරිඩා ප්‍රාන්ත බලධාරීන් පවසයි.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේදී තුන්වන වරටත් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.