“මහින්ද අයිය යි චමල් අයිය යි කැමති නෑ මමත් ටිකක් බයයි ඔයාට” – ගෝඨාභය

අර්බුධය උත්සන්න වූ අවස්ථාවේ අගමැතිකම භාර ගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට ආරාධනා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් (හිරු) සමඟ සිදු කළ සාකච්ඡාවකදී පවසා තිබේ.

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදී රටම ගිනිතැබූ මැයි 9 සිදුවීමෙන් අනතුරු ව ගෝඨාභය රාජපක්ෂ තමන්ට මෙම ආරාධනාව කළ බවත් ඒ මොහොතේ තමන් විසින් ගෝඨාභය රාජපක්ෂට කොන්දේසි කිහිපයක් ද ඉදිරිපත් කළ බවත් සරත් ෆොන්සේකා පවසයි.

19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් කිසිදු අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා යටතේ නො තබා ගනිමින් පිරිසිදු ලෙස එය සිදුවිය යුතු බවද පවසා තිබේ.

මෙම කොන්දේසි සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැමැති වී තිබුණ, විශ්වාසවන්ත අයකුට අගමැති තනතුර ලබා දීමට කැමැති බව ප්‍රකාශකරමින් ජාතිය අමතන ලෙස ද තමන් ගෝඨාභය රාජපක්ෂට පැවසූ බව සරත් ෆොන්සේකා මෙම සාකච්ඡාවේදී පවසා ඇත.

අරගළය සමඟ සහ පක්ෂය සමඟ සාකච්ඡා කොට තමන්ගේ තීරණය පවසන බව තම කීවද එදින රාත්‍රියේ ගෝඨාභය ජනාධිපතිවරයා ජාතිය ඇමතූවද ඉන් පසු තමාට ගෝඨාභයගෙන් ඇමතුමක් පැමිණි බවත් සරත් ෆොන්සේකා පවසයි.

එම වචන මෙසේ බවද පවසයි ”සරත් තරහා වෙන්න එපා.මහින්ද අයිය යි චමල් අයිය යි කැමැති නෑ ඔයාට දෙනවට එයාලා බයයි.” යනුවෙනි සරත් ෆොන්සේකා පවසන්නේ, විහිළුවට වගේ කිව්වලු “මටත් ටිකක් බය හිතුණා කියලා”

සබැඳි

8 Comments

  1. Even though this total dosage produced plasma sildenafil concentrations which were approximately 2 to 5 times higher than the mean maximum plasma concentrations following a single oral dose of 100 mg in healthy male volunteers, the hemodynamic response to exercise was preserved in these patients cialis cost

Leave a Reply

Your email address will not be published.