චීන නෞකාව ගැන ලංකාවේ නිවේදනය සහ චීනයේ පිළිතුරු

Yuang Wang 5 චීන නෞකාව මෙරටට පැමිණීම කල්දමන ලෙසට මෙරට විදේශ අමාත්‍යංශය විසින් චීන තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැනුම්දුන් බව එම අමාත්‍යංශය පවසයි.

මෙම චීන නෞකාව අගෝස්තු 11 සිට 17 වන දා දක්වා නැංගූරම්ලෑමට නියමිතව තිබූ අතර විදේශ අමාත්‍යංශය විසින් ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික අනුමැතිය පසුගිය ජුලි මස 12 වනදා ලබා දී තිබේ.

එහෙත් මේ මොහොතේ වැඩිදුර උපදේශ ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් හම්බන්තොට වරායට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා තිබේ.

එමගින් විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන ලබන 11 වැනිදා හම්බන්තොට වරාය වෙත පැමිණීමට කර ඇති සැලසුම කල්දමන ලෙසටය.

මේ අතර Yuan Wang -5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී එහි ඇති විද්‍යාත්මක ගවේෂණ සාධාරණ ලෙස දකින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන බව චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබේ.

චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, Zhao Lijian පවසන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන හුවමාරුවන් සඳහා බාධා පැමිණවීම නතරකළ යුතු බවය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.