හදිසි නිතිය හකුලා ගනු: ගුරු විදුහල්පති සංගම් විරෝධතාවක

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හා හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශව සහ ගුරු විදුහල්පති සංගම් එක්ව අද (08) පස්විවරුවේ රෝධතාවයක නිරත විය.

පාසල් අවසන් වු පසු පස්වරු 2.30ට කොළඹ ලිප්ටන් වටරවුමේදි මෙම විරෝධතාව පැවැත්විණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් අද පෙරවරුවේ ඇප මත මුදා හරින ලදී.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ජෝශෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ඇප ලැබීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ද මෙම උද්ඝෝෂණයට එක්වී සිටීම විශේෂත්වයක් විය.

lankaweb.lk
lankaweb.lk
lankaweb.lk

සබැඳි

8 Comments

  1. 13,24,25 Heavy alcohol consumption in males, defined as more than 15 standard drinks per week, can also negatively affect fertility by reducing the quality of semen, with occasional cases of azoospermia. clomiphene

Leave a Reply

Your email address will not be published.