ක්‍රීඩා උළෙලට ගිය 161 කින් 10 දෙනෙක් අතුරුදන්

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ක්‍රීඩා බලධාරීන් පවසයි. මේ වනවිට එරට මාධ්‍යද මෙම පුවත වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ බොහෝ මාධ්‍ය පවසන්නේ ලංකාවේ දැනට පවතින ආර්ථික අපහසුතාවයන් නිසා මෙලෙස බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් තිබෙන්නට ඇති බවයි.

ලංකාවේ ක්‍රීඩා නිලධාරින් සනාත කර ඇත්තේ, ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මෙලෙස අතුරුදන්වී ඇති බවයි.

මේ අතර තරඟාවලිය ආරම්භවනවාත් සමඟම ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව වාර්තා විය.

මෙම මුලින් අතුරුදහන් වූ තිදෙනා රැඳී සිටින ස්ථානය බ්‍රිතාන්‍ය පොලිසිය මගින් හඳුනා ගත්තද ඔවුන්ට දින 180ක වීසා ඇති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව එරට බලධාරීන් පවසයි. මන්ද ඔවුන් මේ වන තෙක් කිසිදු නීතියක් උල්ලංඝනය නොකර ඇති බැවින් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග නොගත් බව එරටින් වාර්තා වේ.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 161 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වී තිබේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.