ගුරු විදුහල්පති සංගම් විරෝධතා සංවිධානය වෙද්දී ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හරියි

ගුරු විදුහල්පති සංගම් විරෝධතා සංවිධානය වෙද්දී ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හරියි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හරින ලෙස අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (08) පෙරවරුවේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ගුරු විදුහල්පති සංගම් ගණනාවක් විරෝධතා දැක්වීමට සුදානමින් සිටි අතර අද පස්වරු 2.30ට කොළඹ ලිප්ටන් වටරවුමේදි ද විරෝධතාවක් සංවිධානය කර තිබුනේය.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ජෝශෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සාමකාමී අරගලකරුවන්ව කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 3 වන ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර පැය ගණනාවක් යන්නට මත්තෙන් ජෝශෆ් ස්ටාලින් අත්අඩංගුව ගත්තේය.


Leave a Reply

Your email address will not be published.