තවදුරටත් දිස්ත්‍රික් 5 කට නායයෑම් අනතුරු ඇඟවීම්

දින ගණනාවක සිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5 කට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (07) පස්වරු 3 සිට අද (08) පස්වරු 3 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්ක වන්නේ, හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක පහය.

දුම්රිය ගමන්වාර කිහිපයක් පසුගිය දා අවලංගු කිරීමට සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ පස්කදු කඩාවැටීම හා නායයෑම පිළිසකර කර දුම්රිය ධාවන කටයුතු හෙට (09) සිට යථාතත්ත්වයට පත්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.