මල්ලවපොර තරගයෙන් නෙත්මිගෙන් පදක්කමක්

22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා මල්ලවපොර තරග ඉසව්වට එක්වූ නෙත්මි අහින්සා පෝරුතොටගේ ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට අද (05) සමත් විය.
කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදුණු ඇය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාව 10ට බින්දුවක් ලෙස පරාජය කරමින් මෙම පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීම විශේෂත්වයකි.