බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළට

අද (05) වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාධ්‍ය වාර්තා වළට අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.21ක් ලෙස සටහන් වී ඇති අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.73ක් ලෙස දැක්විණි.

පෙබරවාරි මාසයෙන් පසුව අමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ට වඩා අඩුවී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ආර්ථික විශ්ලේෂකයින් පවසා ඇත්තේ අමෙරිකාවේ ආර්ථිකය අවපාතය ලක්වෙතැයි සැකයෙන් බොරතෙල් සඳහා ඉල්ලුම අඩුවී ඇති බවය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.