“සල්ලි පොලිස් ඇමතිට දෙන්න” දේශබන්දුගේ හඬපට අධිකරණය ඉල්ලයි

අධිකරණය නියෝගයක් කළා කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ජනාධිපති මන්දිරයෙන් හමුවූ මුදල් එක්කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක මුදල ගෙනැවිත් තැම්පත් කරන ලෙස. එහෙත් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවට වෙනත් නිළධාරීන් දෙදෙනෙක් තමයි මෙම මුදල ගෙනැවිත් භාරදීලා තියෙන්නේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ එය නොවෙයි පසුගිය ජූලි මාසේ නම වැනිදා ජනාධිපති මන්දිරයේ තිබිලා මෙම මුදල් සොයා ගත් බව අදාල පුද්ලගයින් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීලා තියෙනවා.

පසුව ඒ පිළිබඳව දැනුම් දීලා තියෙනවා බස්නාහිර පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට. එදින රාත්‍රීයේ දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් දැනුම් දීලා තියෙනවා එම මුදල පොලිසිය විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වෙත වහාම ලබා දෙන්න කියලා,

අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 431 වැනි වගන්තියට අනුව එවැනි මුදලක් මුදලක් හමුවූ වහාම අධිකරණයේ තැන්පත් කළ යුතුයි. හැබැයි ඒ කාරණයට හාත්පසින් වෙනත් කාරණයක් උපදෙස් මත සිදුවෙලා තියෙනවා.

එදිනම අධිකරණයේ තැම්පත් කළ යුතු මුදලක් දින 21 ක් ස්ථානාධිපතිවරයා තමන්ගේ ලාච්චුවේ තබාගෙන ඉඳලා තියෙනවා පනතට අනුව මෙය බරපතල වරදක්.

අපි අධිකරණයෙන් ඉල්ලීමක් කළා ජනාධිපති මන්දිරයේ තිබුණු මුදල මුදල් විශුද්ධිකරණයකට යටත් වූ මුදලක්ද යන්න ප්‍රශ්න සහගත බව. මොකද ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වැටුප ගත්තත් මේ මුදලට වඩා අඩුයි.

එහෙම තියෙද්දි තමයි අද දවසේ මේ මුදල් ප්‍රමාණය බස්නාහිර පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නියෝගයක් කරලා තියෙන්නේ අදාල මුදල විශය භාර ඇමැතිට දෙන්න කියලා. ඒකෙන්ම පේනවා කිසියම් මුදල් විශුද්ධිකරණයක් පිළිබඳව යම් තත්වයක් තියෙනවා කියලා.

අධිකරණය නියෝගයක් කළා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව පොලිස්පතිවරයා සහ බස්නාහිර පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතර ඇති කර ගත්ත දුරකතන සංවාදය සංවාදයක් ලෙසම ලබා ගන්න කියලා.

ඒ වගේම එයට සහාය වෙන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික අංශය භාර අධ්‍යක්ෂක වරයාට නියෝග කළා.

ජනාධිපති මන්දිරයෙන් හමුවුණු මුදල් විශය භාර ඇමැති ඉල්ලන්නේ කොහොමද? එතැනදි අධිකරණයේ අවධානය යොමු වුණා දේශපාලනය මැදිහත් වෙලා ස්ථාධිපතිවරයාට යම් බලපෑමක් සිදු කරලා තියෙනවාද යන්න පිළිබඳව.

මෙම මුදල මේ වනවිට අධිකරණයේ තැම්පත් කර තියෙනවා. නමුත් මෙම ක්‍රියාවලිය ඇතුලේ ස්ථාධිපතිවරයා, ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ විෂය භාර අමාත්‍යවරයා අතර සිදුවුණු සංවාදයක් යටතේ තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ.

මේ කරුණ හෙළදරව් කළේ කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහුට අප ස්තූතිවන්ත මෙය මෙය හෙළිදරව් කළාට.

අධිකරණය වහාම නියෝගයක් කළා සිද්ධියට අදාල උසස් නිළධාරීන්ට විරුද්දව වහාම විනයානුකූල පියවර ගන්න කියලා.

විශේෂයෙන්ම කොටුව පොලිස්පතිවරයාට, ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මේ සියළු දෙනාටම අදාලව පොලිස්පතිවරයාට වාර්තාව යොමු කරන ලෙසත් අධිකරණය නියෝග කළා. . ඒ වගේම මෙවැනි මුදලක් ජනාධිපතිමන්දිරයේ රඳවා තබා ගැනීම ගැන වෙනමම විමර්ශනයක් කළ යුතුයි කියලත් අපි කියා සිටිනවා.

සබැඳි

Leave a Reply

Your email address will not be published.