ජෝෂප් ස්ටාලින් 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

රනිල් වික්‍රමසිංහ පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකර පැය ගණනාවක් යන්නට මත්තෙන් ගාලුමුවදොර අරගලයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින්ව අඩංගුවට ගත් අතර ඊයේ දිනයේ අගෝස්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ දිනය පුරා පොලීසිය විවිධ ප්‍රමාද කිරීම් කරමින් අවසානයේ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ අතර අත්අඩංගුවට ගැනුණු ජාතික භික්ෂු පෙරමුණේ සාමාජික පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමියන් අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

පසුගිය 28 වැනි දා කොටුව ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කොස්වත්තේ මහානාම හිමියන් පෙරේදා අත්අඩංගුවට ගත්තේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.