බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක අයෙක් මියයයි

පවතින අධික වර්ෂාව මධ්‍යයේ පූඩලුඔය සිට ගම්පොළ දක්වා ධාවනයවෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙක් මියගොස් තිබේ.

කොත්මලේ මල්හෑව ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අනතුරෙන් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙක් තුවාල ලබා කොත්මලේ සහ ගම්පොළ රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

අද (04) සවස 3.30ට පමණ එම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ නවකඩදොර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.